ගාසා තීරයේ යුද්ධයෙන් බැට කන දරුවන් ගැන සංවේදිකමක් දක්වන නායකයෙක්, තමන්ගේ රටේ දරුවන්

කෙරෙහි සංවේදී නොවීම බරපතල ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙරට දරුවන් ආර්ථික අර්බුදයේ මාරාන්තික ගොදුරක් බවට පත්ව ඇති බව මාර්තු 06 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා කියා සිටියේය.

“දරිද්‍රතාවය නිසා දරුවන්ට පාසල අහිමි වී ගොස්  තියෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල දරුවන්ගෙන් සියයට 30 ක්  මන්ද පෝෂණයෙන් පෙළෙනවා. දරුවන්ට අවශ්‍ය ඖෂධ නැහැ. ආහාර අහේනියකින් පෙලෙනවා. නමුත් මෙවැනි පසුබිමක මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වන්නේ නැහැ. නොපෙනූ දෙනෙත් වලින් සහ නොඇසූ දෙසවන්වලින් තමයි දරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ.”

“රටටම ලොකු ප්‍රචාරයක් දීලා ගාසා තීරයෙහි දරුවන් වෙනුවෙන්  අරමුදලක්  ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පිහිටුවන්න යනවා. ඒ පිළිබඳ සංවේදී වීම ඉතා හොඳ වැඩක්. ගාසා තිරය කියන්නේ දරුවන්ගේ අමුසොහොනක්. එලෙස සංවේදී වන නායකයෙක්, තමන්ගේ රටේ දරුවන් කෙරෙහි සංවේදී නොවීම බරපතල ගැටලුවක්.” යැයි ඩලස් මන්ත්‍රීවරයා පැවසීය.

පාසල් දරුවන් ලක්ෂ එකොළහකට දිවා ආහාරය  ලබා දෙනමුත් මේ වන විට දිවා ආහාරය ලබාදිය යුතු සිසුන් සංඛ්‍යාව ලක්ෂ විසි එක  දක්වා ඉහළ ගොස් ඇති බව නිදහස ලංකා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළේය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image