රනිල් වික්‍රමසිංහව කාටූන් ශිල්පීන්ගේ ඇසට හසු වූ ආකාරය දැක්වෙන “PRESS VS PREZ”  (ප්‍රෙස් වර්සස් ප්‍රෙස් ) ග්‍රන්ථය අද (07) පස්වරුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේ රඟහලේදී එළි දැක්වීමට නියමිතය.

මෙය ආර්ථික අර්බුදයට හසුවූ රට ඉන් මුදා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2021 ජූනි සිට 2023 මැයි මස දක්වා නායකත්වය දීම පිළිබඳව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එකතු කර සම්පාදනය කළ කෘතියක් බව එම ග්‍රන්ථයේ සම්පාදක වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එපමණක් නොව වැටුණු ආර්ථිකයක්, පෝලිම් යුගයක්, බලාපොරොත්තු සුනුවිසුනු වූ රටක් රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකයා විසින් ගොඩගත් ආකාරය ජනමාධ්‍යවේදීන් හා කාටූන් ශිල්පීන් දුටු ආකාරය ද මෙම ග්‍රන්ථයේ මැනවින් සටහන් කර ඇතැයි මන්ත්‍රීවරයා පැවසිය.

රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා ගත් ප්‍රයත්නය කාටූන් ලෙස නිර්මාණය වූ අකාරය ද මෙහි අන්තර්ගතය.

මෙහි ඉංග්‍රීසි පරිවර්තනය මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන විසින් සිදු කර ඇති අතර සිංහල අනුවාදයන් සකස් කිරීම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවකු හා ජනමාධ්‍යවේදියකු වන සී.ජේ. අමරතුංග විසින් සිදු කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීම ද මෙම කෘතියෙහි කාටූන් මඟින් සටහන් කර තිබීම විශේෂ කාරණයකි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය ද අද (7) එළිදැක්වේ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්