ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලියූ බව කියන පොත පිළිබදව තමාට ලද තොරතුරු අනුව

එම පොත ලියූවාට වඩා නොලිව්වානම් හොද යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උත්තර සභාගයේ සභාපති විමල් වීරවංශ අද (07) නවගමුව දී පැවසීය.

එම පොත තමාට කියවීමට තවමත් අවස්ථාවක් නොලද බවත් එම පොත කියවූ තමන්ගේ හිතවත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු අනුව එම තොරතුරු නිවරැදි නම් විදෙස් බලවේග පිලිබදව පොදු අර්ථයෙන් දක්වා ඵලක් නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

''එලෙස කරුණු හෙළි කරන්නේ නම් එම කුමන්ත්‍රණය සිදු කලේ කවුද ? මොන රටවල් ද ? මොන විදියට ද ? කුමන්ත්‍රණය සිදු කලේ කියල කෙලින් කියන්න ඕනේ . නමුත් පොත කියවපු අය කීවේ ඒ කරුණ විදෙස් බලවේග යනුවෙන් මිස නිශ්චිතවම නම් කර නැති බවයි. මා පොත කියවූ පසු ඒ පිළිබදව හරියටම කියන්න පුළුවන්''යැයි ද පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් රචනා කරන ලද ‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රන්ථය අද (7) එළිදැක්වීය.

එම ග්‍රන්ථය ‘විජිත යාපා’ සහ ‘සරසවි’ යන පොත් අළෙවිසැල්වලින් මිලදී ගත හැකිය.


''සමහරුන්ට පොත කියවන්න තරම් ආත්මශක්තිය නැ''

‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ ග්‍රන්ථය සම්බන්ධයෙන් අදහඩ් දක්වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක එරන්ද ගිනිගේ පවසන්නේ, සමහරුන්ට පොත කියවන්න තරම් ආත්මශක්තිය නැති බව ප්‍රදර්ශනය වන බවයි.

''පැය 6 ක් යන්නට මත්තෙන් පළමු පොත් කාණ්ඩය විකිණී අවසන්. විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. සමහරු සෑහෙන්න කලබල වෙලා තිබෙනවා. සමහරුන්ට පොත කියවන්න තරම් ආත්මශක්තිය නැහැ වාගේත් පේනවා.'' යයි එරන්ද ගිනිගේ පවසන්නේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමිනි. 

 
 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්