දකුණු යේමනයට ආසන්න මුහුදු සීමාවේ හූති සටන්කරුවන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්ව හානියට පත්වූ

වෙළෙඳ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය බීබීසී සිංහල වෙත පැවසීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය නාවික හමුදාව විසින් අදාළ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගෙන ඇති බවය.

"ඉන්දීය නාවික හමුදාවට අයත් INS කොල්කටා කියන නෞකාවෙන් මෙම පිරිස බේරාගෙන තිබෙනවා."

"ඒ අතර මිසයිල ප්‍රහාරය එල්ලවූ වෙළෙඳ නෞකාවේ සේවයට යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාත් සිටින බව දැනුම් දීලා තියෙනවා."

"ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්ට තුවාල වෙලා තියෙනවා කියලා කියනවා. අනෙක් කෙනා හොඳින් ඉන්නවා කියලයි වාර්තා වෙන්නේ."

"මොවුන්ව ජිබුටි රාජ්‍යට රැගෙන යනවා කියලා දැනුම් දීලා තියෙනවා." නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

True Confidence නමැති බාබඩෝස් ධජය සහිත මෙම නෞකාවට හුති කැරලිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු එහි සිටි නාවිකයින් නෞකාව අතහැර දමා තිබූ අතර එය ගින්නක් සමග මුහුදේ පාවෙමින් තිබුණි.

ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 11.30 ට පමණ ඒඩන් බොක්කේදී නෞකාවට ප්‍රහාරය එල්ල වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව පැවසීය.

මේ අතර එම මිසයිල ප්‍රහාරයෙන් වෙළෙඳ නාවිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවට ඇමෙරිකානු හමුදාව පැවසීය.
මෙය හූතින් රතු මුහුදේදී වෙළඳ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලින් මරණ වාර්තා වූ පළමු අවස්ථාව ය.

හූතින් පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින යුද්ධයේදී පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා තමන් මෙම ප්‍රහාර එල්ල කරන බවය.

මැද පෙරදිග මෙහෙයුම් අධීක්‍ෂණය කරන ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය (Centcom) පැවසුවේ ප්‍රහාරයෙන් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

එමෙන්ම අවම වශයෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය සඳහන් කළේය.

"හූතින් විසින් සිදු කරන මෙවැනි අදූරදර්ශී ප්‍රහාර, ගෝලීය වෙළඳාම කඩාකප්පල් කරන අතර ජාත්‍යන්තර නාවිකයින්ගේ ජීවිත බිලිගෙන ඇත," යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළ පළ කර තිබේ.

ඉරානයේ සහය ලබන හූති කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නෞකාවේ කාර්ය මණ්ඩලය හූති නාවික බලකායේ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බවයි.

2121f
යේමනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පැවසුවේ නාවිකයින්ගේ මරණ කනගාටුදායක නමුත් හූති සටන්කාමීන් නොසැලකිලිමත් ලෙස ජාත්‍යන්තර නැව් ගමනාගමනයට එල්ල කරන මිසයිල ප්‍රහාරවල නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයක් බවයි. මෙම ප්‍රහාර නැවැත්විය යුතු බවද ඔවුහූ අවධාරණය කළහ.

ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිලධාරීන් මීට පෙර මරණ දෙකක් සහ තුවාලකරුවන් 6 දෙනෙකු පිළිබඳ වාර්තා කර තිබුණි.

20 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යාත්‍රාවේ සිටි අතර ඉන්දියානුවෙක්, වියට්නාම ජාතිකයන් හතරදෙනෙකු සහ පිලිපීන ජාතිකයින් 15 දෙනෙකු ඒ අතර වේ.

නෞකාව තුළ සන්නද්ධ ආරක්ෂකයින් තිදෙනෙකු ද සිට ඇති අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයෙකු ඒ අතරට අයත් ය.

නෞකාවේ හිමිකරුවන්ගේ සහ කළමනාකරුවන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකයෙකු පැවසුවේ ප්‍රහාරය යේමනයේ ඒඩන් නගරයට නාවික සැතපුම් 50ක් (කිලෝමීටර් 93ක්) පමණ නිරිත දෙසදී එල්ල වූ බවයි.

ප්‍රහාරයෙන් පසුව හූතිවරු පාලනය කරන අල්-මසිරා රූපවාහිනිය බදාදා පස්වරුවේ වාර්තා කළේ හූති පාලනය යටතේ පවතින රතු මුහුදේ වරාය නගරයක් වන හුඩයිඩා හි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සන්ධානය ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කළ බව ය.

රතු මුහුදේ යාත්‍රා කරන නෞකා සඳහා ප්‍රහාර එල්ල කරන හූතීන් කවුද?

බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සියට අනුව "යේමනයේ නාවික හමුදාව" ලෙස හඳුන්වන කණ්ඩායමක් විසින් VHF ගුවන්විදුලිය හරහා True Confidence නෞකාව අමතා ඇති අතර නෞකාවේ නාවික ගමන් මග වෙනස් කරන ලෙස දන්වා තිබේ.

අනතුරුව අසල තිබූ යාත්‍රාවලට විශාල ශබ්දයක් ඇසී ඇති අතර අනතුරුව විශාල දුමාරයක් ද නෞකාවෙන් පිටවී ඇත.

බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය පැවසුවේ True Confidence නෞකාවට ප්‍රහාරයක් එල්ල වු බවත් හා ඉන් නෞකාවට අලාභ හානි සිදු වූ බව ය.
එමෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සමුද්‍ර සන්ධානයේ නාවික යාත්‍රා, එම නෞකාවට සහ එහි කාර්ය මණ්ඩලයට සහය දක්වන බවද පවසා ඇත.

අප්‍රිකාව වටා දිවෙන නෞකා මාර්ගයේ යුරෝපා සංගමයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය ද පැවසුවේ මුදාගැනීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

5425df

හූතිවරු කළ ප්‍රකාශයක දැක්වුණේ True Confidence “ඇමෙරිකානු නෞකාවක්” බව ය.. නමුත් ප්‍රකාශකයා කියා සිටියේ නෞකාවට දැනට ඇමෙරිකාව සමග කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව ය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ප්‍රහාර සඳහා හුතිවරුන්ට වගකීම පැවරිය යුතු අතර එලෙස කරන ලෙස ලොව පුරා රජයන්ගෙන් ද ඉල්ලා සිටින බවයි.

රතු මුහුද හරහා සංක්‍රමණය වන අහිංසක සිවිල් වැසියන්ගේ යහපැවැත්ම නොසලකා හූතීන් මෙම අදූරදර්ශී ප්‍රහාර දිගටම දියත් කර ඇති බවත්, මේවනවිට ඔවුන් අවාසනාවන්ත ලෙස හා ඛේදජනක ලෙස අහිංසක සිවිල් වැසියන් මරා දමා ඇති බවත් මැතිව් මිලර් පැවසුවේය.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පැවසුවේ "ගෝලීය නෞකා ගමනාගමනය ඉලකක් කර එල්ල වන හූති සටන්කාමීන්ගේ නොසැලකිලිමත් ප්‍රහාර හෙළා දකින බවයි. ඒවා නවත්වන ලෙස බල කරන සිටින බව ද ඔහු පවසයි.

නාවික ගමනා ගමන නිදහස වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින අතර දී ඇති පොරොන්දුව ක්‍රියාවෙන් ඔපුප්කර සිටින බවද ඔහු සමාජ මාධ්‍යවල පළ කර ඇත.

True Confidence නෞකාව අයත් වන්නේ True Confidence Shipping SA සමාගමටයි. එය ලයිබීරියාවේ ලිපිනයක ලියාපදිංචි කර ඇති අතර එය Third January Maritime Ltd නමැති ග්‍රීසියට අයත් නාවික සමාගමක් විසින් නෞකාව මෙහෙයවනු ලබන බව සමාගම් දෙකම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

කෙසේ වෙතත් එය මීට පෙර ඇමෙරිකාව පදනම් කරගත් Oaktree Capital Management සතු වූ බව AP පුවත් සේවය වාර්තා කරයි.

එහෙත් Oaktree Capital සමාගම AP පුවත් සේවය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

545fg

'සිදුවීම ගැන සොයා බලනවා'

මේ අතර හුති කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ වෙළෙඳ නෞකාවේ ආරක්ෂාවට යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ දැයි බීබීසී සිංහල විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ගෙන් විමසීමක් කරන ලදී.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු සොයා බලමින් සිටින බව ය.

Article information
Author, ටොම් ස්පෙන්ඩර්, ජෝෂුවා චීතම් සහ ෆ්‍රෑන්ක් ගාර්ඩ්නර්
Role, බීබීසී පුවත්


(BBC සිංහල සේවය) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්