ලෝක කාන්තා දිනය සමරන අද (08) දවසේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔහුගේ බිරිඳ සහ දියණිය විසින්

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට රුපියල් ලක්ෂ 46ක් වටිනා සෞඛ්‍ය උපකරණ සිදු කර තිබේ.

ඒ අනුව, එම රෝහලට රුපියල් මිලියන තුනක් වටිනා ළදරු ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ ඉන්ෆැන්ට් වෝමර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කර ඇත.

මාතෘ හා ළමා වෛද්‍ය විශේෂඥ ක්ෂේත්‍රයේ කොළඹින් බැහැර රෝහල්වල පවා පහසුකම් වර්ධනය කළ යුතු බවත් කාසල් රෝහලට ලබා දුන් ආකාරයට සෙසු රෝහල්වලටත් උපකරණ ලබා දීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායකයා මේ අවස්ථාවේ දී පැවසීය.

කාන්තා අයිතීන් සුරක්ෂිත කිරිම වෙනුවෙන්

රැස්වීම් පවත්වා කාන්තා අයිතීන් සුරක්ෂිත කළ යුතු යැයි පවසන්නේ නම් නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කළ යුතු බවත් එහි දී කාන්තාවන්ගේ,මව්වරුන්ගේ සහ දරුවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස අවධාරණය කරන්නේ.

හැමදේම බෙදනවා කියන චෝදනාව නොකර බංකොලොත් භාවයෙන් මිදෙන්න නම් බංකොලොත් අදහස්වලින් මිදිය යුතු බව ද ඔහු කියා සිටියේය.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිනිසුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අරක්ෂා වන මුත් ඒ තුළ සෞඛ්‍ය, අධ්‍යානය, යහපත් ජන ජීවිතයකට ඇති අයිතිවාසිකම් සදහන්ව නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේග රජයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතට සෞඛය, අධ්‍යාපනය, ජීවත්වීමේ හා වෘත්තියක නියැලීමේ අයිතිය අන්තර්ගත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

jklklzdf
 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්