ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට,

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි  ජන බලවේගය තීරණය කර ඇත.

 එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අද (09) පැවති මාධ්‍ය හමුවකදී එබව සඳහන් කළේය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ද ඔහු පැවසිය.

මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය වර දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙවරදී ද ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන් කළ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව කියා සිටියේය.

කෙසේවුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩපිළිවෙළෙහි යෝජනා සම්බන්ධව එහි නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස පසුගිය දා පාර්ලිමේන්තුවේදී සජබ ආර්ථික කටයුතු පිලිබඳ ප්‍රධානියා වන ආචාර්ය හර්ෂද සිල්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් කර තිබූ අතර, රට යළි ගොඩනැගීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙනයා යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂවල සාමුහික වගවීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබිණ.
 

 

රනිල් විපක්ෂයට අවස්ථාව දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමග සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඒ අනුව, එළඹෙන සඳුදා (මාර්තු 11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් ශ්‍රීධරන් යන පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබෙන අතර ඔවුන් සමඟ කැමති ඕනෑ ම අයෙකුට ද සහභාගිවීමට අවස්ථාව සලසා දී ඇත.

තව ද පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ද මේ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග ද සහභාගී වීමට නියමිත ය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්