රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඵලක් නැතැයි මව්බිම ජනතා පක්ෂ නායකයා ප්‍රකාශ කර තිබේ.


'ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් උදෙසා “යන අරමුණ පෙරදැරි කරගෙන මාතර ග්‍රෑන් නැව්රෝ හොටලයේ ඊයේ (10) පැවති “මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුම අමතමින් පක්ෂ නායක දිලිත් ජයවීර ඒ බව කියා සිටියේය.

“නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින් තවත් අපිට වැඩක් නෑ. මේ රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලගී නායකයින්.”

පුහු මිනිසුන් වටකරගෙන තනාගත් ආණ්ඩුව ඊලඟ IMF වාරිකය ලබා ගැනිමට පුංචි දරුවන්ගේ කවකටු පෙට්ටියටත් බදු අය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මෙසේද පැවසිය.

''ඊලඟ IMF වාරිකය ගන්න පුංචි දරුවන්ගේ පුංචි කවකටු පෙට්ටියටත් අද වැට් එක ගහලා''
 
'' පුහු මිනිසුන් වටකරගෙන තනාගත් ආණ්ඩුව ඊලඟ IMF වාරිකය ගන්න පුංචි දරුවන්ගේ පුංචි කවකටු පෙට්ටියටත් අද වැට් එක ගහලා. රුපියල් දෙදහස් පන්සියයයෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියන ගොබ්බ ආණ්ඩුවක් මේක. ණය කළමනාකරණය කියන්නේ  මගේ ජීවිතයේ එක කොටසක්. වසර තිහක් පුරා මගේ ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ඇඟේ තියෙන එකක්. ණය කළමනාකරණය කළයුත්තේ ඒ සඳහා නිපුත්වයක් ඇති පිරිස මිස කටමැට දොඩවන අය නොවෙයි. අපිට වැරදුන තැන් ගැන වැලපෙමින් ඉන්නේ නැතිව අපි සාම්ප්‍රදායික දේශපාලන මඩවලෙන් මිදී විධිමත් වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. සතුටු දැයක් ගොඩනැංවීම තුලින් අපි කරන්නට උත්සාහ කරන්නේ අන්න ඒ සාම්ප්‍රදායික ගමන් මගින් වෙනස්ව හරි ගමනක් තුලින් මේ රට ගොඩනැගීමයි. 

මේ රට ගොඩනැගීමටනම් සම්ප්‍රදායකව නොසිතා උපායමාර්ගික වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. එසේ නොමැතිව මේ රට ගොඩනගන්න බැහැ. අපි ඒ සඳහා සංවාදයකට යවා යුතුව තිබෙනවා. අද ලොකයේ සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබෙනවා. කලකට පෙර අපට අපට ලැබුණු සංචාරක ආදායම සියයට හතලිහකින් අඩුවී තිබෙනවා. එලෙස සිදුව ඇත්තේ අප රටට එන සංචාරකයින්ගෙ තත්වය මතයි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය සන්නාමයක් බවට පත්කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව යන්න රටකත් නැතිම තැන ලංකාව තෝරාගන්නා තැනට නොවෙයි. සංචාරයට යන්න හිතෙන තැනක් ලෙස අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. ඒ රටට ඩොලර් ලැබෙන ශක්තිමත් කර්මාන්තයක්  ලෙසයි.
 
 
නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින් තවත් අපිට වැඩක් නෑ. මේ රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලගී නායකයින්. අපි එකතුවිය යුත්තේ සාම්ප්‍රදායික වශයෙන් පරණ දේම කරන්නට නොව අලුත් දේ අරගෙන අලුත් විදියට හිතන නිර්මාණශීලී විදියට හිතය අයයි. නිර්මාණශීලීව මේ රට ගොඩනගන විට අනෙකුත් ජාතීන්, ආගම් අතර ගැටුම්,  සිත්බිඳීම් ඇති කර නොගෙන ඒ දේ කරගත යුතුව තිබෙනවා. නමුත් මේ රටේ ඡන්දයක් එනවිට හැමදාම භාවිත කළේ මේ භේද ඇති කිරීමේ ක්‍රමයයි. ඉන් වාසි ගෙන දිනන්න ඒ අය උත්සාහ කළා. එම තත්වයට මින් ඉදිරියට ඉඩ නොදිය යුතුයි.


weersumn
ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද මෙහිදී අදහස් දැක්විය. එහිදී ඔහු මෙසේ සඳහන් කළේය. 

 '' රට අද වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නම් හරි අරමුණු වෙනුවෙන් පෙනී සිටින පිරිස් තනිව නොගොස් ශක්තිමත් කණ්ඩායමක් ලෙස සංවිධාන වීමේ දැඩි අවශ්‍යතාව දැන් තිබෙනවා. එය නිවැරදි අරමුණක් වෙනුවෙන් සිදුකළ යුත්තක්. අපි පෙනී සිටිනේ උත්සාහගන්නේ ඒ වෙනුවෙන්. මේ සුබපැතුම් එක් කිරීමත් රට ගැන සිතා කරනා යහපත් උත්සාහයක්. එදා කොරෝනා සමයේ රටේ ආර්ථික  අර්බුදයක් ගොඩනැගෙමින් තිබියදී අපේ පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී කීවේ අපේ රටේ දක්ෂ වෛද්‍යවරුන් ට කොරෝනා ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සෙවිය හැකි බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී රටේ ඇතිවෙන්නට යන ආර්ථික අර්බූදයට මුහුණදීමට වැඩපිළිවෙලක් විද්වතුන් හා සාකච්ඡා කර සැකසිය යුතු බවත් කියා සිටියා. එහිදී කට කොනකින් සිනාසී සමච්චලයෙන් එය බැහැර කළ ඒ උද්දච්චකම පසුව රටටම අමාරුවේ දැමූවා.''

මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමර නානායක්කාර ද මෙහිදී අදහස් දැක්විය.

මේ අවස්ථාව සදහා මහා සංඝරත්නය අන්‍යාගමික පූජා ප්‍රසාදීන්වහන්සේලා, මලල ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ..
 
(චතුරංග මේදිස්)
 
dj 67566
dj 3563456436

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image