මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහෙස්ත්‍රාත්වරිය කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික

රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර වෘත්තීය විෂමාචාරයක් කර ඇද්ද? යන්න සම්බන්ධයෙන් සෙවීමට අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් වැඩියෙන් මුදල් අය කිරීමේ සිද්ධියේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය එක් පාර්ශවයකට අගතිදායක වන අන්දමින් කටයුතු කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි මෙම සිද්ධියෙන් අගතියට පත් වු බව කියන සනත් අතුකෝරල නමැත්තකු විසින් කළ පැමිණීල්ලකට අනුව අධිකරණ සේවා කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයිද වාර්තාවේ.

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගෙන් වැඩියෙන් මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ පෞද්ගලික රෝහලට සහ එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ පවරා තිබු නඩුව ජනවාරී 23 වැනිදා කැඳවීමට මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ නියම කර තිබියදී ඊට දින කිහිපයකට පෙර ජනවාරී 17 වැනිදා නීතීඥ ධනුෂ්ක වීරසිංහ ගේ මෝෂමකට අනුව මාළිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක හමුවේ කැඳවා ඇති බවත්, එදින මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රත්වරිය නිවාඩු ලබාගෙන සිටි දිනයක් බවත් අධිකරණ සේවා කොමිසමට පැමිණීලි ලැබී ඇති අතර එදින අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් බලයලත් නිලධාරීවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා පෙනී සිටිමින් අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් වරද පිළිගෙන ඇති බවත් එම පැමිණීල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පැමිණීල්ල ඉදිරිපත් කළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය හෝ අගතියට පත් පාර්ශවය අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවේ පෞද්ගලික රෝහල වෙනුවෙන් වරද පිළිගත් විත්තිකරුට රුපියල් 25000/-ක දඩයක් නියම කරමින් වැඩබලන මහේස්ත්‍රාත්වරිය නඩු කටයුතු අවසන් කර ඇතත් වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඖෂධ නියාමන අධිකාරී පනත අනුව කටයුතු කර නැති බවත් ඇගේ දඬුවම් නියෝගය සම්පුර්ණයෙන්ම දෝෂ සහගත බවත් අධිකරණ සේවා කොමිසමට පැමිණීලි කරන සනත් අතුකෝරල එදින වැඩබලන මහේස්ත්‍රාත්වරිය වශයෙන් කටයුතු කළ හිමාලි ඒකනායක හා අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් මෝෂම ඉදිරිපත් කළ නීතීඥ ධනුෂ්ක වීරසිංහ එකම නීතීඥ කණ්ඩායමක සාමාජිකයන් වශයෙන් කටයතු කරන අය බවටද පැමිණීලි කර ඇත.

(lankadeepa.lk -මනෝප්‍රිය ගුණසේකර) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්