ජනාධිපතිවරයා විදේශ සංචාරයක නිරත නොවුනහොත් රට පුරා ගොස් බොරු පොරොන්දු දෙමින් සිටින බවත් ඔහු කී කිසිවක් මේතාක් සිදු කර නොමැති බවට විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබේ.


“මාස 17ක් තිස්සේ ලංකාවේ විවිධ පළාත්වලට යනවා එතුමා රට නොගියොත් එහෙම. ත්‍රිකුණාමලයට ගිහිල්ලා කියනවා ආයෝජන කලාපයක් හදනවා කියලා. නුවරඑළියට ගිහිල්ලා කියනවා සංචාරක කලාපයක් හදනවා කියලා. ගාල්ලට ගිහිල්ලා කියනවා archaeology zone එකක් හදනවා කියලා. ආරුගම්බේ ගිහින් කියනවා surfing zone එකක් හදනවා කියලා. මේ ඔක්කොම කියනවා එකක්වත් කරලා නෑ.” යැයි එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඊළඟ පරම්පරාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිඳු හැඟිමක් නැතැයි පවසන මන්ත්‍රීවරයා “ඒගොල්ලන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වෙන්න පුළුවන් ඕන දෙයක් විකුනන් කන්න පුළුවන්. ඕන දෙයක් නැතිකරල දාන්න පුළුවන්. එතකොට සීයා නෙමෙයි මුනුපුරාලා තමයි ණයකාරයෝ බවට පත්වෙන්නේ.” යි කියා සිටියේය.

කුලියාපිටියේ පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා රාජපක්ෂලාගේ සට්ටැඹිරාළ කියලා පෙන්නු බවත් පිනට ජනාධිපති වු රාජපක්ෂවරුන්ට ජනමතය නැති වු විට කෝප වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“රාජපක්ෂලාට ජන මතයක් නැතිවුණහම සට්ටැඹිරාළට කේන්ති යනවා. ඒකට වෙන වෙන අයට බැනලා වැඩක් නැහැ. එතුමාගේ කතාව සම්පූර්ණයෙන්ම කලේ සමගි ජන බලවේගය සහ සමගි ජන බල සංවිධානය එක්ක වියරුවෙන් තරහෙන් ක්‍රෝධයෙන් කුහක කමින් තමයි කලේ.”

“සමගි ජන බලවේගය ඉලක්ක කරගෙන බැන බැන ඉන්න තත්ත්වයට එතුමා එනවා කියන්නේ, පරාජයේ අඳුරු සෙවනැලි දැකලා වියරු වැටිලා ඉන්නවා කියන එක. අපිට කරන්න දෙයක් නෑ වික්‍රමසිංහ මහත්තයා ඔයා ගෙදර,  තව මාස පහක්වත් නැහැ, ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ, කරන්න දේකුත් නැහැ.” යනුවෙන් එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ බව සඳහන් කර සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image