කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා

දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද අධිකරණයට අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පවරා ඇති පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ධම්මිත ගනේපොළ හමුවේ කැඳවන ලදී.

(lankadeepa.lk -මනෝප්‍රිය ගුණසේකර)

සබැඳි පුවත :
මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරියට එරෙහිව කොමිසමෙන් විමර්ශනයක්
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image