ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති

මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මේ බව පැවසීය.

එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන් ජයගන්නා බවයි.

‍නමුත් තවමත් එම අපේක්ෂක‍යා කවුරුන්ද යන්න නම් කර ‍නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


පොහොට්ටුව කඩා වැටි නැහැ - නාමල්


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, කෙතරම් අභියෝග පැමිණියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස කඩා වැටී නොමැති බවයි.

අභියෝග රැසකට මුහුණ දී සිටියදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව තුළින් පක්ෂයට අවශ්‍ය ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගත් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

හම්බන්තොටදී පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්