රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ගොවීන්ට ලබාදීමට ආනයනය කරන ලද පොහොර තොග

ගොවීන්ට ලබා නොදී දැව කර්මාන්ත කටයුතු වලට හා වෙනත් කටයුතු වලට ලබාදීම නිසා අත්හිටුවා ඇති ගෙවීම් එම පොහොර ආනයනික සමාගම් වලට ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

මෙම මුදල් ගෙවීම සඳහා දේශපාලන අධිකාරියෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වන අතර ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විටත් සකසා ගෙන ඇතැයි ද වාර්තාවේ.

ඒ මෙම වංචාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් වාර්තාවක් ද උපයෝගි කර ගනිමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වාර්තාව මගින් කියා ඇත්තේ පොහොර සහනාධාරය යටතේ ගෙන්වා එසේ බාහිර පාර්ශ්ව වෙත ලබාදුන් පොහොර වෙනුවෙන් එම ආනයනික සමාගම් සහනාධාර මුදල් ඉල්ලා නැති බැවින් එහි වංචාවක් සිදුවී නොමැති බවයි.

එහෙත් මෙම ආනයනික පොහොර ගොවීන්ට ලබා නොදී වෙනත් කටයුතු සඳහා යෙදවීම පොදු දේපළ පනත යටතේ වරදක් බවට හා ඒ සම්බන්ධයෙන් පොලිසිය මගින් කටයුතු කළ යුතු බවට නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඊට පෙර දැනුම් දී ඇති අතර කෘෂිකර්ම අමාත්‍යාංශය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය.


රජයේ පොහොර සහනාධාරය යටතේ 2018 හා 2019 වර්ෂ වලදී පොහොර ආනයනය සඳහා සමාගම් 17 කට අවසර ලබාදී ඇති අතර ඉන් සමාගම් කිහිපයක් වෙනත් කටයුතු වලට පොහොර ලබාදීමේ මෙම වංචාවට සම්‍බන්ධ වී තිබේ.


මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය කළ වීමසීම්වලදී පවා එම වංචාවට සම්බන්ධ වූ සමාගම් කිහිපයක් ඔවුන්ගේ කරුණු පැහැදිලි කිරීම් වලදී එම පොහොර ගොවීන්ගෙන් බැහැර වෙනත් කටයුතු වලට ලබා දුන් බව පිළිගෙන ඇති අතර එසේ බාහිර පාර්ශ්ව වලට ලබාදුන් පොහොර තොග වෙනුවෙන් සහනාධාර මුදල් අයදුම් කර නැති බවද ලිඛිතව දන්වා ඇත.

එම කාලයට අදාළව පොහොර සහනාධාරය ලබාදීමට රුපියල් බිලියන 32.5 ක මුදලක් වෙන් කරන බව රජය ප්‍රකාශ කර ඇති අතර වංචාවක් සිදු නොවූ බවට සලකා ආනයනික සමාගම් වලට ගෙවීමට යන සහනාධාර මුදල් ප්‍රමාණයද රුපියල් බිලියන ගණනක් වන බව වාර්තා වේ.

එමෙන්ම අපගේ කෘෂිකර්ම අමාත්‍යාංශ මූලාශ්‍ර ප්‍රකාශ කරන්නේ මේ සිදුවීමට යන්නේද චීනයේ කාබනික පොහොර ආකාරයෙන්ම වු මූල්‍යමය වංචාවක් බවයි.

(anidda.lk - ලසන්ත රුහුණගේ)

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්