පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත්

ඊට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් වුවත් විවිධ පක්ෂවල දේශපාලන ගේම් සඳහා කිසිදු ආකාරයකින් සහායක් ලබා නොදීමට ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ ඔවුන්ගේ පහසුවට මිස රටේ යහපත සඳහා නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

(deshaya.lk - ගයාන් ගාල්ලගේ)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්