ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් සෑදීමට උත්සාහ කරමින් සිටින දේශපාලන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමේ තත්වයකට ගෙන යෑමට උත්සාහ කිරීම නිසා එහි කටයුතු අඩපණ වී ඇතැයි වාර්තාවේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වී සිට දැන් ඉන් ඉවත්ව මෙම සන්ධාන සාකච්ඡා සඳහා පැමිණෙන පිරිස් හා ශ්‍රීලනිප නියෝජනය කරමින් තේරී පත්වී ආණ්ඩුවේ ඇමති තනතුරු දරන පිරිස් විසින් මේ ආකාරයට එම දේශපාලන සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට උත්සාහ දරන අය ලෙස වැඩිදුරටත් වාර්තා වේ. 

මෙම උත්සාහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර ඔවුන් කියා ඇත්තේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභාවේ තීරණය වන්නේ ස්වාධීන දේශපාලන සන්ධානයක් එම පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ඉදිරි මැතිවරණ වලට තරග කළ යුතුය යන්නයි. 

මෙම සන්ධානය සෑදීමේ සාකච්ඡා වලට සම්බන්ධ වී සිටින ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා මහජන පක්ෂය එම සන්ධානය පොදුජන පෙරමුණට හෝ රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙන සන්ධානයක් නොවිය යුතුය යන ස්ථාවරයේ සිටින බවත්, බොහෝ විට එම දේශපාලන සන්ධානය එම පක්ෂ සමග පමණක් ඇති කර ගැනීමේ ඉඩකඩක් ඇති බවත් තවදුරටත් වාර්තා වේ.

(anidda.lk - ඉඳුවර බණ්ඩාර)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්