සමගි ජන බලවේගය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය උදෙසා කැපවූ දේශපාලන බලවේගයක් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.


රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ සාසනයට විශේෂ පිළිගැනීමක් ලබා දී ඇතත් එය කොතෙකුත් දුරට මහපොළොවේ යථාර්ථයක් වී ඇත් ද යන්න සිතා බැලිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාර්තු 16 වැනිදා කළුතර පැවැති විනයගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාව අමතමින් පැවසීය.

සමගි ජන බලවේගය විහාරස්ථානය, දහම් පාසල හා පිරිවෙන් කේන්ද්‍ර කර වැවයි දාගැබයි ගමන් පන්සලයි සංකල්පය තුළ සමාජ, ආගමික සංවර්ධන, විනීත යුක්තිගරුක ශිෂ්ඨසම්පන්න, ප්‍රබුද්ධ හා සෞභාග්‍ය සම්පන්න පුරවැසි පරපුරක් බිහි කරමින් රටේ ප්‍රගතියේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස විහාරස්ථාන පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථ කැපකරු ක්‍රමයක් ආරම්භ කර මහා සංඝරත්නය දේශපාලනඥයන්ගේ අණසකට සවන් දී දේශපාලනඥයන්ගේ අනුග්‍රහය මත යැපුණු තත්ත්වයෙන් මුදවා ගන්නා බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

කැපකරු ක්‍රමයක් හරහා විහාරස්ථාන පද්ධතියේ නිර්මලභාවය තවදුරටත් සුරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ තුළ විවිධ අර්බුධවලට මුහුණ දී ඇති විහාරස්ථාන පද්ධතිය ආරක්ෂා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්