පොහොට්ටුව තුළ තීරණ ගැනීමේදී බැසිල් රාප්පක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර ප්‍රශ්නකාරී තත්වයක් උද්ගතව ඇතැයිද එම තත්ත්වය තුළ

ජනාධිපතිවරණයට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයක් ගැනීම සඳහා නාමල් රාජපක්ෂ ප්‍රමුඛව කටයුතු කරමින් ඇතැයිද වාර්තා වේ.

පසුගිය දා රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේදී ද පොහොට්ටුවේ සිදු වී තිබෙන බෙදීම පිළිබඳව සාකච්ඡාවී ඇති අතර මෙම බෙදීම වළක්වා ගැනීම සඳහා එකම විසඳුම ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් බවද නාමල් රාජපක්ෂ සමග සිටින කණ්ඩායමේ මතය වී ඇත.

එන්න එන්නම පක්ෂය දියවී යමින් තිබෙන පසුබිම තුළ දැනට පවතින සංවිධාන හැකියාව භාවිත කර වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා ජනාධිපතිවරණයකට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තම පක්ෂයේ ඉදිරි අනාගතයට සුබදායක බවද නාමල් රාජපක්ෂ පාර්ශ්වයේ මතය වී තිබේ.

නාමල් රාජපක්ෂ මෙසේ පාර්ලිමේන්තු මැතිවරණයක් කලින් කැඳවා ගැනීම වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කළත් බහුතර පොහොට්ටු මන්ත්‍රීවරුන් පක්ෂයේ එම යෝජනාවට කැමති නැති බවත් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණහොත් එයට සිය සහාය නොදෙන බවත් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වෙයි.

(anidda.lk - මංජු කස්තුරි ආරච්චි)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්