රටපුරා ප්‍රදේශ රැසක ලංකා බැංකු ශාඛා ඊයේ (06) විවෘත නොවීම හේතුවෙන් ගනුදෙනුකරුවෝ දැඩි අපහසුතාවයකට පත් වූහ.

ලංකා බැංකුවේ මහ කළමණාකරු හා මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරුවලින් ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලධාරියකු පත්කිරීමට මුදල් අමාත්‍යාංශය ගත් පියවරට විරෝධය දැක්වීමක් ලෙස රටපුරා ලංකා බැංකු ශාඛාවල සේවක සේවිකාවෝ ඊයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබිණි.

එහෙත් බැංකු සේවක සංගම් නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර පෙරේදා  (05) රාත්‍රීයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව සේවයෙන් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කළහ.

ලංකා බැංකු සේවක සංගමය හා අනෙකුත් වෘත්තීය සමිති එක්ව සේවයෙන් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමේ තීරණයට එළඹෙන විට පෙරේදා මධ්‍යම රාත්‍රීයත් පසුවී තිබුණ හෙයින් පණිවිඩය සේවක සේවිකාවන්ට ලබාදීමට නොහැකි වූ බව ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීහු කීහ.

එම හේතුවෙන් රටපුරා ලංකා බැංකු ශාඛාවල සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වූ බවද ඇතැම් බැංකු ශාඛා ඊයේ  දිනයේ වසා තැබීමට සිදුවූ බවද ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටේගොඩ පැවසීය.

''ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ එම තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීම මෙතෙක් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව පිළිගත් අභ්‍යන්තර ක්‍රියාවලියක් මගින් සිදුකළ බවත් එය කඩකරමින් වත්මන් ආණ්ඩුව එම තනතුරුවල කටයුතු කළ නිලධාරීන් ඉවත් කර වෙනත් දෙදෙනෙකු එම තනතුරවලට පත්කර ඇති බවත් ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.''

මාර්තු 05 දින මරදාන පන්සල පාරේ පිහිටි ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වැඩ වර්ජන තීරණය දැනුම් දෙනු ලැබීය.

ඊට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක, ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටේගොඩවිතාන හා ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ සභාපති පාලිත ඇටම්පාවිල සහභාගි වූහ.

එසේම මාර්තු 06 දින මහජන බැංකු ඉදිරිපිට පිකට් උද්ඝෝෂණයක නිරත වීමටද තීරණය කර තිබිණ.

ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ එම තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීම මෙතෙක් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව පිළිගත් අභ්‍යන්තර ක්‍රියාවලියක් මගින් කළ බවත් එය කඩකරමින් වත්මන් ආණ්ඩුව එම තනතුරුවල කටයුතු කළ නිලධාරීන් ඉවත් කර වෙනත් දෙදෙනෙකු එම තනතුරවලට ලක්කර ඇති බවත් ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.

''ලංකා බැංකුවේ සේවක සංගමයේ අවධාරණය කරන්නේ ඉවත් කරන ලද නිලධාරීන් දෙදෙනා සම්බන්ධ චෝදනා ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කළයුතු බවය. බැංකුවේ අභ්‍යන්තර පත්කිරීම් ක්‍රියාවලියට දේශපාලන ඇඟිලි ගැසීම් කිසිසේත්ම සිදු නොවිය යුතු බවය.''

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ සමග මාර්තු 02 වැනිදා සාකච්ඡා කළ බවත් එම දිනට පසුව පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව සාකස්ඡා කර විසඳුමක් ලබාදෙන බව ප්‍රකාශ කළද එය සිදු නොවූ බවත් ලංකා සේවක සංගමය ප්‍රකාශ කර තිබිණ.

ලංකා බැංකුවේ මහ කළමනාකරු ලෙස සෙනරත් බණ්ඩාර කටයුතු කළ අතර මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස රසිත ගුණවර්ධන කටයුතු කළේය. ඔවුන් එම තනතුරුවලින් ඉවත් කර මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරුවලට පත්කරන බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රකාශ වුවද එම නිලධාරීන් එම උපදේශක තනතුරු බාරගෙන නැතැයි වාර්තා වේ.

ලංකා බැංකුවේ මහ කළමණාකරු ලෙස සුදත් ගුණසේකර ද මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ලෙස කේ.ඩී. රාජපක්ෂ ද ආණ්ඩුව පත්කර ඇත.

ලංකා බැංකුවේ සේවක සංගමයේ අවධාරණය කරන්නේ ඉවත් කරන ලද නිලධාරීන් දෙදෙනා සම්බන්ධ චෝදනා ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවය. බැංකුවේ අභ්‍යන්තර පත්කිරීම් ක්‍රියාවලියට දේශපාලන ඇඟිලි ගැසීම් කිසිසේත්ම සිදු නොවිය යුතු බවය.

Image may contain: possible text that says 'දැන්වීමයි දේශපාලනික බලපෑම් මත ලංකා බැංකුවේ මහා කළමනාකරු තනතුරින් ඉවත් කිරිම සහ අවිධිමත් ලෙස නව මහා කළමනාකරුවෙකු පත් කිරීමට එරෙහිව, 2020 මාර්තු මස 06 වන දින ක්‍රියාත්මක වන එක්දින වැඩ වර්ජනය හේතුකොට ගෙන ලංකා බැංකුවේ වැදගත් ගනුදෙනුකාර භවතුන් වන ඔබ සියලුදෙනාට සිදුවන තාවකාලික අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව පළකර සිටිමු. ලංකා බැංකු සේවක සංගමය Instructions...'

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්