පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් පසුගිය 20 දා එළිදැක්වූ ''මානුෂීය ජනතා සංධානය''

උත්සවයට සහභාගී නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැනුම්දී තිබියදී පවා, එය නොතකා එම පක්ෂයේ සංවිධායකයින් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගී වී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වීමකින් හෝ ආරාධනාවකින් කිසිදු රැස්වීමක් හෝ දේශපාලන කටයුත්තක් මාර්තු 20 වෙනිදා  සංවිධානය කර නොමැති බවත් පක්ෂය විසින් සංවිධාන කරන එවැනි උත්සවයක්, රැස්වීමක්, මුහුරත් උළෙලක් පැවැත්වෙන බවට පැතිර යන කටකතා සහ වාර්තා අසත්‍ය බවත් එවැනි රැස්වීමකට, උත්සවයකට හෝ මුහුරත් උළෙලකට සහභාගී ‌නොවන ලෙසත් පක්ෂයේ සියලු සංවිධායකයින් විසින් පුර්ව දැනුම් දීමක් කර තිබිණ.

එම දැනුම්දීම සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, මියුරු භාෂිත ලියනගේ විසිනි.

ආර්ථික, දේශපාලනික, සමාජයීය විප්ලවයක් අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර ගේ නායකත්වයෙන් යුත් මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය මැයෙන් ‘මානුෂීය ජනතා සන්ධානය‘ ජනගත කිරීම ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී මාර්තු 20 සිදු කෙරිණි.

එහි දී සුළු පක්ෂ 20ක් සමඟ නව සන්ධානය ජනගත කරනු ලැබුණු අතර මේ අවස්ථාවට සමඟි ජනබල වේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බව දයාසිරි ජයසේකර එහිදී පැවසිය.

සබැඳි පුවත් :
දයාසිරිත් ජනාධිපතිවරණයට ! - අලුත් සංධානයක් 20 දා එළිදකී

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image