පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.

 

පාස්කු ප්‍රහාරය ගැන සති තුනකට පෙර ලැබුණූ තොරතුරක් අනුව පෙරේදා (22) තමා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) එම ප්‍රකාශය සිදුකළේය.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. විවෘත සාක්ෂියක් දුන්නොත් අධිකරණයේ... මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. එක නිසා මේක කිසිදුම දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගැවුණ කාරණයක් නෙමෙයි. මම ඉතාම අවංකව සිදුකරන ප්‍රකාශයක්. "



වහාම අවධානය යොමුකල කරන්න - 'සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය'

මේ අතර 'සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' අවධාරණය කර ඇත්තේ, පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ගේ හෙළිදරව්ව ගැන නොපමාව අවධානයක් යොමුකල යුතු බව යි.

ශ්‍රී ලංකාව තුළ සිදුකරන ලද සැලසුම් සහගත, බිහිසුණු හා මිලේච්ඡතම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැලකිය හැකි පාස්කු ප්‍රහාරයට අදාළ සැබෑ වගකිව යුත්තන් පිළිබඳව තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකර ඇති ප්‍රසිද්ධ ප්‍රකාශය පිළිබඳව අපරාධ මර්ධනය සඳහා වගකීම පැවැරී ඇති සෑම ආයතනයකම මෙන්ම අධිකරණය ද ප්‍රමුඛ අවධානයක් යොමුකල යුතුව ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති, කරු ජයසුරිය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකර ඇති මෙම ප්‍රකාශය ඉතා වැදගත් එකක් වන්නේ මූලික කරුණු තුනක් නිසා බව එම නිවේදනයේ සඳහන් වේ. එම කරුණු පහත පරිදිය. 

1- එකී බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සිදුවන විට මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එබැවින් ඊට අදාළව ඒ දිනවලම  ආරම්භ කරන ලද සියළුම පරීක්ෂණ හරහා තහවුරු කරගන්නා ලද කරුණු ගැන මෙන්ම එම පරීක්ෂණ සිදුකරන ලද ආයතන ගැන ද ඔහු සතුව තිබිය හැකි අවබෝධය එහි පළමු වැදගත්කම ලෙස සැලකිය හැකිය.

2- දෙවැනි වැදගත් කරුණ වන්නේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස සිටි ප්‍රධාන පුද්ගලයන් කවුද යන්න තවමත් ප්‍රශ්ණ සහගත වන හෙයින් එවැනි පරිසරයක් තුළ මෙවැනි හෙළිදරව්වක් සිදුකිරීමය. 

3- තෙවැනි කරුණ වන්නේ අදාළ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන වග උත්තරකරුවන් තමා හොදින් දන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර ඇති එකම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන පමණක්ම වන නිසා සහ ඔහු මේ රටේ රාජ්‍ය නායකත්වය ද හොබවා ඇති ප්‍රමුඛතම පුද්ගලයයෙක් ද වන නිසාය.


එබැවින් මේ රටේ අපරාධ මර්ධනය සඳහා පිහිටුවා ඇති සියළුම ආයතන වෙතින් හා ගරු අධිකරණයෙන්ද 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකර ඇති මෙම ප්‍රකාශය ගැන ඉහළම අවධානයක් යොමුකරන ලෙසටය.

එමෙන්ම ම්ලේච්ඡ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ඳ සියළුම පුද්ගලයන්ට එරෙහිව පවත්නා සියළුම පරීක්ෂණ කටයු හා අධිකරණ කටයුතු කඩිනමින් තර්කානුකූල අවසානයක් කරා ගෙන එමට උපරිම පියවර ගනිමින් ඊට ගොදුරු වූ කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රජාවද ඇතුළු සියළුම වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම රටේ ප්‍රධානතම වගකීමක් වන බව කරු ජයසුරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට ඊයේ (23) උපදෙස් දී තිබිණ. 


සබැඳි පුවත් :
මෛත්‍රිගේ ප්‍රකාශය ගැන ඇමති ටිරන්ගෙන් පොලිස්පතිට නියෝගයක්
 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image