පොහොට්ටුවේ ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහරදීමෙන් සිදුවන්නේ,

ශක්තිමත් ආණ්ඩුවක් සදා ගැනීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බලාපොරොත්තුව බිඳ වැටීම බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ දී ජන හමුවක් අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලක්ෂ 14ක් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරලීම සඳහා දායකවූ ආකාරය පොහොට්ටුවේ ඇතැමුන්ට අමතක වී ඇතැයි පැවසු මහ ලේකම්වරයා,  මෛත්‍රීපාල සිරිසේනට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂට කුමක් වන්නට තිබුණේ දැයි කල්පනා කළ යුතු බවද සඳහන් කළේය.

 

''ගුණමකුකම කියන්නෙ මේකට තමයි''

අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සඳහන් කළ  ශ්‍රීලනිප මහ ලේකම්වරයා, මේ හේතුවෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව ද පැවසිය.

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දමා පහර දෙන තැනට පත්වී ඇති බවත් එසේ බනින්නෙ පහළ සිටින පොඩි දේශපාලකයන් විසින් බවද ඔහු කීය.

අද බල්ලන්ට බළලුන්ට ගහනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙන බවත් මෙයාකාරයෙන් තුනෙන් දෙකක ආණ්ඩු හදන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාකාරයන් නැතිනම් පොදුජන පෙරමුණක්ද නැති බව පැවසූ ඔහු ඉවසන්න හැකි උපරිමය ඉවසා මේ බව පවසන බවද ශ්‍රී ලනිපයද ඇතුළුව සියල්ලන් එක් වී ජයග්‍රහණය ලබා ගත් බව අද අමතක වී ඇති බවත් ගුණමකුකම කියන්නෙ එකට බවද ඔහු කියා සිටියේය.

මෙම ප්‍රහාරයට සද්ද නොකර නිහඬව ඉන්නවාද විරුද්ධව විකල්ප බලවේගයක් හදනවා දැයි හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්