ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන

නැවත පක්ෂයට එකතු වන ලෙසට ආරාධනයක් ලැබී තිබේ.

පසුගිය බදාදා දයාසිරි ජයසේකර, සිය නිවසට කැඳවා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙම ආරාධනය කර ඇත.

එලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය බාරගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගන්නා බවට මෛත්‍රීපාල  පවසා තිබේ.

එහෙත් දයාසිරි ජයසේකර පක්ෂයේ මහ ලේකම් ධූරය හැර වෙනත් ධූරයක් බාරගැනීමට තමන් සූදානම් නැති බව සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, පක්ෂයේ මහ ලේකම් ධූරයට දුෂ්‍මන්ත මිත්‍රපාල පත්කර ඇති නිසා ඔහුව එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් පක්ෂ මහ ලේකම් ධූරය හැර වෙනත් තනතුරක් බාර නොගන්නා බව දයාසිරි ජයසේකර, මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දී තිබේ. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්