ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කළ ආකාරයටම රජයේ අයවැය ලේඛනය ද ස්වාධීනව සකස් විය යුතු බැවින්

ඊට අදාළව නව පනතක් සම්මත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කොන්දේසියක් පනවා තිබේ.

පසුගිය සතියේ මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර අත්සන් කළ නව කාර්ය මණ්ඩල එකඟතා ලේඛනය මගින් මෙම කොන්දේසිය හඳුන්වා දී ඇත.

වැඩිදුරටත් එම කොන්දේසියට අදාළව සඳහන් වන්නේ රජයේ බදු ඉහළ දමා බදු ආදායම වැඩිකොට ඉදිරි කාලයේදී රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යා යුතු බවය.

අයවැය අතිරික්තය සඳහා ආදායම් වර්ධනය කළ යුතු බව නීතියක් මගින්ම ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ දැඩි මූල්‍ය පාලනයක් පවත්වාගෙන යාම මූල්‍ය අරමුදලේ අරමුණ බව කියැවේ.

(deshaya.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්