ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්ව ඉදිරියේදී දේශපාලනය කරන්න අදහස් කරගෙන සිටින

කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් විශාල පිරිසක් කණ්ඩායමක් වශයෙන් එකතු වී ඒ සඳහා ඉදිරියේදී පොදුජන පෙරමුණෙන් ඉවත්වෙනු ඇතැයි කරුණු වාර්තා වෙයි.

පසුගිය දා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති පක්ෂයේ විධායක කමිටු රැස්වීමක් අතරතුර පක්ෂය නොසලකා ජනාධිපතිවරයාට සහාය දීම පිළිබඳව මෙම පිරිස සහ රාජපක්ෂ හිතවාදී පිරිස අතරේ වචන හුවමාරුවක් සිදුව ඇති බව කරුණු වාර්තා වෙන අතර එහිදී කංචන විජේසේකර දැඩිව අදහස් දක්වා ඇතැයි ද දැනගන්නට ලැබේ.

 මේ අනුව මෙම පිරිස කණ්ඩායමක් සේ රනිල් වික්‍රමසිංහ සමග එකතුවෙනු ඇති බවත් එම පිරිස සිදුකරන්නට අපේක්ෂා කරන ජනාධිපතිවරණ සන්නිවේදන මෙහෙයුම මහින්දානන්ද අලුත්ගමයේගේ මෙහෙයවීමෙන් සිදුවෙනු ඇති බවත් තවදුරටත් කරුණු වාර්තා වෙයි.

(anidda.lk - කේ. සංජීව) 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්