සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන 5 ක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක ප්‍රකාශ කරයි.

ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් සාම්ප්‍රදායික ආදායම් උත්පාදන මාර්ගවලට වඩා, නව ක්‍රමවේද මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ලැබෙන බැවින් එහිදී සුහුරු හෙවත් ස්මාට් තාක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව ද ඉදිරියේදී නව ආර්ථික ප්‍රවේශ අනුගමනය කළ යුතු බවත් සුහුරු තාක්ෂණය ඉන් ප්‍රමුඛ වන අතර ඒ යටතේ ඩොලර් බිලියන පහක ආර්ථිකයක් සැකසිය හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

ශ්‍රි ලාංකිකයෝ ලක්ෂ 40 ක් විදේශ වල වෙසෙන අතර ඔවුන් ඉලක්ක කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සකසා එමගින් ආදායම් උත්පාදනය කළ හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

2014 දී බලයට පත්වීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එවැනි ක්‍රියාමාර්ගයක නිරත වු බව පවසන චම්පික රණවක මන්ත්‍රීවරයා ඉන් ඉන්දීය ආර්ථිකය ශක්තිමත් වී ඇති බව පවසයි.

ඉන්දීය ජනගහනයෙන් විදේශගතව ඇත්තේ සියයට 2ක් පමණ බවත් එහෙත් ශ්‍රී ලාංකිකයන් සියයට 20 ක් විදේශගතව සිටින බැවින් ඒ අනුව වඩාත් හොඳින් විදේශ වෙළඳපොල ඉලක්ක කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු එබව සඳහන් කර සිටියේ, එක්සත් ජනරජ පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් සමුළුව අමතමිනි.


(චතුරංග මේදිස්)


champika1

champika2



 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්