ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි දක්වා කාලය තුල ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන

1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇතැයි ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

ඔහුගේ නිවේදනයේ සඳහන් පරිදි, 

* ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය (IMF, WB, ADB වැනි) සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇත. 

* 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නොමැත. 

 

ශ්‍රී ලංකා රජය ණය වාරික හා පොලිය ගෙවීම සිදු නොකරන බවට සමාජ මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නැතැයි හිටපු ආණ්ඩුකාරවරයකු ද වන  කිර්ති තෙන්නකෝන් අවධාරණය කර සිටියි. ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව ප්‍රමුඛ ආයතන රජයට දිගින් දිගටම ණය සහ වෙනත් සහන ලබා දෙමින් ඇත්තේ රජයේ මේ ණය ගෙවීමේ ප්‍රශස්ත වාර්තාව නිසාය.


* ලංකා රජය මේ කාලය තුල ද්වි පාර්ශවීය ණය හා පොලිය වශයෙන් ඩොලර් මිලියන 571.0 ක් ද ගෙවා ඇත.  

* මේ වන විට අදාල රාජ්‍යයන් සහ ආයතන සමඟ ණය සහ පොලිය ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වමින් ඇත.  

* පැරිස් සමාජය ට අයත් රාජ්‍යයන් ද ඇතුළුව අදාල මුලික එකඟතාවයන් ගොඩ නගා ගෙන ඇත.  

* 2024 පෙබරවාරි මස අවසානය වන විට ගෙවිය යුතු හිඟ පොලිය ඩොලර් මිලියන 450.7 කි. තව ද පසුගිය සමයේ අතහැර දමනු ලැබූ ව්‍යාපෘති රැසක් නැවත ඇරඹීමට, ජපානය ඇතුළු රාජ්‍යයන් ගණනාවක් මුලික එකඟතාව ලබාදී ඇත. 

* ඉහළ පොලී අනුපාත යටතේ රජය ලබා ගෙන ඇති ව්‍යාපාරික ණය සහ පොලිය ඩොලර් මිලියන 4,439.2 ක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය කටයුතු කරමින් ඇත.  ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන්වන තුරු එම මුදල් ගෙවීමක් සාමාන්‍යයෙන් සිදු වන්නේ නැත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්