යුරෝපයේ වැඩිවෙමින් සිටින කොටි මදුරුවන් (Tiger Mosquitos) විසින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩකයන් හා ක්‍රීඩා ලෝලීන්ගේ

සතුට නැති කිරීම වළක්වා ගැනීම පිණිස ප්‍රංශය දැඩි වෙහෙසක් දරමින් සිටිනවා.

වයිරසය පතුරුවන ආසියානු කොටි මදුරුවා පසුගිය දශක දෙකක කාලය තුළ ප්‍රංශය ඇතුළු උතුරු යුරෝපයේ රටවල් උන්ගේ නිවහන කරගෙන සිටින්නේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ සිකා යන රෝග පතුරුවමින්.

ශීත දේශගුණවල මේ මදුරුවන්ගේ වේගවත් බෝවීමට හේතුව දේශගුණික වෙනස්වීම බව පැවසෙනවා. මුළු මහත් ප්‍රංශයේ ම අන්තිමට ඉතිරිව තිබූ මදුරුවන් රහිත කලාපය වන නෝමෙන්ඩි නමැති උතුරු ප්‍රංශ ප්‍රදේශයත් දැන් රටේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම මදුරු උවදුරට ලක්ව ඇතැයි බළධාරීන් මෑතකදී නිවේදනය කළා.

මදුරුවන් නැති කිරීම සඳහා නිවර්තන නගරවල විධිමත්ව භාවිතා කරන දුම් ගැසීම පැරිසියේ පෙදෙස්වල ද සිදුකරමින් බළධාරීන් විසින් දරණ ලද උත්සාහය මෙතෙක් සාර්ථක වී නැහැ.

නමුත් පැරිස් ඔලිම්පික් උළෙලේ ආරම්භයට තවත් මාස හතරක් පමණක් ඉතිරිව තිබියදී බළධාරීන්‌ යෙදී සිටින්නේ ඔරලෝසුව සමග තරගයක. ක්‍රීඩකයෙකු තරගය ආරම්භ කරන රේඛාවට යන ගමන විනාශ කර දැමීමට මේ කොටි මදුරු දෂ්ඨ කිරීමකට හැකියාවක් තිබෙන බවට විශේෂඥයින් අනතුරු අඟවනවා.

“ඩෙංගුවලින් රෝගාතුරව සිටින කිසිම කෙනෙක් කිසිම කඩුල්ලක් උඩින් පැනලා දුවන්නේ නැහැ” යනුවෙන් පවසන්නේ කීට විද්‍යාඥ Didier Fontenille.

Didier Fontenille

සත්කාරක නගර සහ විශේෂයෙන් ඔලිම්පික් ගම්මානය මදුරුවන් රහිත ප්‍රදේශ ලෙස තබා ගත යුතු බව ඔහු අවධාරණය කරනවා.

තුරන් කිරීමට ඉතාමත් අපහසු මේ මදුරු උවදුර පිළිබඳව වැඩියෙන් සුපරීක්ෂාකාරී වන බවට සෞඛ්‍ය බළධාරීන් පොරොන්දු වී තිබෙනවා.
පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 45 දෙනෙක් ප්‍රංශයෙන් වාර්තා වුනා.

කොටි මදුරුවන් වැඩියෙන් ම සතුටින් සිටින්නේ නගරවල. ඒ, බහුලව තිබෙන එකතැන රැඳුනු ජලය උන්ගේ බිත්තර දැමීමට ඉතාමත් යෝග්‍ය තත්ත්වයන් නිර්මාණය කර දෙන බැවින්.

මල් පෝච්චිවල හෝ පීරිසිවල රැඳෙන ඉතා කුඩා ප්‍රමාණයක ජලය පවා ශුද්ධ කිරීමට රටවැසි හමුදාවක් සිටියොත් එකතැන පල්වෙන ජල ප්‍රශ්නය සියයට 80කින් විසඳෙන බව Fontenille පෙන්වා දෙනවා.

ඉතිරි ප්‍රතිශතය විසඳීම පිණිස මදුරුවන් පලවාහරින උපකරණ, මදුරු දැල් හා මදුරු කීටවලට භාවිතා කරන ජීව කෘමිනාශක පලදායී වනු ඇතැයි ඔහු කියනවා.

ව්‍යාජ මිනිස් ශරීර ගන්ධය පාවිච්චි කර මදුරුවන් ආකර්ෂණය කර ගැනීමෙන් පසුව උන් මරා දමන මදුරු උගුල් මේ ප්‍රශ්නය විසඳා ගැනීමෙහි ලා ඉතාමත් ප්‍රයෝජනවත් වන බව පෙනී ගොස් තිබෙනවා. මේ උගුල තුළ බිත්තර දැමීම සඳහා මදුරුවන් මුලා කර ඉන්පසු ඒවා විනාශ කර දැමීම තවත් උපක්‍රමයක්.

මදුරු උගුල් 15ක් සවිකර රුවල් ඔරු පැදීමේ තරග පැවැත්වෙන Marseille Marina ඉසව්ව ආරක්ෂා කිරීමේ තමන්ගේ සැලසුම සහිත මහජන උත්සාහයක් ජය ගත් බව Biogents විශේෂ ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

tey6er5654

තණකොල හා සෙවණ තිබෙන උණුසුම් හා තෙතමනය ඇති හෙක්ටෙයාරයක් පුරා විහිදෙන ප්‍රදේශයක මේ උගුල් ලබන මාසයේ අටවන බව එම ආයතනයේ සමකළමනාකරු Hugo Plan කියා තිබෙනවා.

සෙන්ටිමීටර් 80ක් (අඟල් 31.5) උසින් සවිකරන මේ යකඩ පෙට්ටි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන සෑම දිනකම ක්‍රමවත්ව පරීක්ෂා කරන බවද ඔහු පවසනවා.


සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්