කොළඹ 05 නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ අභිමානවත් 46 වැනි සංවත්සර උළෙල අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් ගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ විද්‍යාලයේදී පැවැත්වේ. 

මෙම සංවත්සර උළෙලට සමගාමීව නව ශ්‍රවනාගාර පහසුකම් සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම, සූර්ය බල පද්ධතිය STEM මධ්‍යස්ථානය, ළමා උපකාරක මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීම සිදු කෙරේ. 

එහිදී වෘත්තීය පුහුණු අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි බාහිර ආයතන සමග අත්වැල් බැඳගනිමින් විද්‍යාලයේ සිසු කුසලතා විදහා දැක්වෙන අධ්‍යාපන ප්‍රදර්ශනයක් සංවිධානය කර ඇත.

46 වන  සංවත්සරයට සමගාමීව 09 වැනි දින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

 

435309380 910156827784581 2414967801902820426 n
පාසලේ ඇරඹුම

ග්‍රාමයේ දෙමාපියන්ට තක්සලාවක් පිළිබඳව තිබූ සිහිනය යතාර්ථයක් කරමින් 1978 අප්‍රේල් මස 03 වන දින ඩඩ්ලි සේනානායක විද්‍යාලය ආරම්භ කරනු ලැබූ අතර ඇන්ඩර්සන් මහල් නිවාසයේ වාහන නවතා තබන කාමර 04 පරිත්‍යාගය හා පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී එඩ්මන් සමරවික්‍රම, එස් කළුබෝවිල යන අයවලුන්ගේ මැදිහත් වීමෙන් කුඩා ගොඩනැගිල්ලක පළමු ශ්‍රේණිය ආරම්භයට ඉඩ හසර ලැබිණි.

ඒ අනුව ඩඩ්ලි සේනානායක පාසල දැයට වැඩදායි  සිසුන් පරපුරක අයිතියට පවරමින් එය විවෟත කිරීම ශ්‍රී ලංකා රජයේ ආර්. ප්‍රේමදාස ගේ අතින් සිදු විය. 

විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති ධූරය හේවා වෙල්ලාලගේ දැරූ අතර ඇයගේ නායකත්වය යටතේ නව තෙමහල් ගොඩනැගිලි දෙකක්, විද්‍යාගාරයක්, පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් සිසු අයිතියට පැවරීම සිදුවිය.

ඉන්පසුව පිළිවෙලින් එස්. සිරිතුංග  සහ එස් අතාවුද ගේ විදුහල්පතින්ධූරයන් වල මඟ පෙන්වීමෙන් ඔපවත් වූ ඩඩ්ලි සේනානායක විද්‍යාලය ක්‍රීඩා සහ අධ්‍යාපන සංවර්ධනයේ නව ප්‍රවේශයක් විදුහල්පති එස් .ඩි. ජයසිංහ ගේ ආගමනය තුලින් සිදු විය.

ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භය, මහා ක්‍රිකට් සංග්‍රාමය,  නව බුද්ධ මන්දිරය සමගින් අ.පො.ස.  උසස් පෙළ පන්ති ආරම්භය මෙතුමාගේ විදුහල්පතිධූර සමයේ සිදුවූ අතර අනතුරුව එස්. පි. සමරසිංහ නව විදුහල්පතිනිය ලෙස පාසලේ භෞතික සම්පත් සංවර්ධනය ඉදිරියට ගෙන යන ලදී. 

ඉන් අනතුරුව විද්‍යාලයේ වත්මන් විදුහල්පති උලපනේ සුමංගල හිමියන් ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නියමුන් ලෙස සීග්‍ර සංවර්ධන මෙහෙයුම් රැසක ක්‍රියාවට නංවන ලදී.

නව තාක්ෂණ කුසලතා වලින් හෙබි සිසු පරපුරක් බිහි කිරීම උදෙසා තාක්ෂණික විද්‍යාගාර, නවීකරණය කළ පුස්තකාල පහසුකම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය බල ගන්වන නව ව්‍යාපෘති රැසක් පාසැල තුළ ක්‍රියාත්මක කරන ලැබීය.

කොළඹ කලාපයේ අධ්‍යාපනික සංවර්ධන, විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක ජයග්‍රහණයන් අත්පත් කරගැනීමට සේනානායක පුතුනට හැකිවිය. 

සෑම වසරකම විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීමේ භාග්‍ය උසස් පෙළ සිසුන් හට හිමි වූ අතර සිසු ක්‍රීඩා කෞශල්‍ය ඔප් නංවමින් අන්තර්   පාඨශාලා රගර්, කරාතේ, ක්‍රිකට්  ක්‍රීඩාවලින් ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිකරලිමටද නර්තන, නාට්‍ය, සාහිත්‍ය ක්ෂේත්‍ර තුලින් සිසුන්ගේ ශාස්ත්‍රීය කුසලතා ප්‍රවර්ධනය විදු බිම තුළ නිරන්තරයෙන් සිදුවෙමින් පවතී.

300117297 396270352648407 6337269767011858262 n


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්