ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායකයා පවසයි.


ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලබන ලාභ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව යටතේ හෙළි කිරීමට චම්පික මන්ත්‍රීවරයා සහ සාමාජිකයෝ ක්‍රියා කළ අතර එවැනි ක්‍රියාමාර්ගයකට දේශපාලනඥයන් යොමුවූ පළමු අවස්ථාව මෙය බව ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු අසේල සම්පත් මාධ්‍ය වෙත පැවසීය.

උත්සව සමයේදී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බැවින් එය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි.

විපක්ෂය ද මිල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බැවින් පක්ෂයට වංචනික ව්‍යාපාරිකයන් මූල්‍යාධාර සපයන්නේ දැයි ගැටලුවක් මතුවන බව එම පෙරමුණේ නායක අසේල සම්පත් සඳහන් කළේය.

එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක වංචනික ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරිපත් විය යුතු ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් වැඩිදුරටත් කියා සිටියේය.

pcr asela221

 

                   


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්