මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර සමයේ ඉදිකිරීම් ආරම්භ කළ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය සදහා

බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙන දෙමළ ජනයාගේ පෞද්ගලික ඉඩම් නීත්‍යානුකුලව අත්පත් කරගැනීමේ උත්සාහය  දින දහයක් තුළ දෙවැනි වතාවටත් විරෝධතා මගින් පසු බැස්සවීමට ඉඩම් හිමියන් සමත්ව තිබේ.

එම භුමියේ ඇති දෙමළ ජනයාට අයත් ඉඩම් මැනීම සදහා අප්‍රේල් 05 වැනි සිකුරාදා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැමිණි අවස්ථාවේ ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් හා එක්ව ඊට විරෝධය දක්වමින් ඉඩම් හිමියන් මිනින්දෝරු නිලධාරීන්ට ලිපියක්ද භාර දුන් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඉඩම් හිමියන් චෝදනා කරන්නේ සිය ඉඩම් පවරා ගැනීමේ මානක කටයුතු වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාහනයකින් එහි පැමිණ සිටි බවයි.

මෙම භුමියේ ඉඩම් මැනීමේ කටයුතු වෙනුවෙන්  මාර්තු 26 දිනත් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැමිණි තිබු අතර ඉඩම් හිමියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු සිදු නොකරම ආපසු හැරී යන්නට ඔවුන්ට සිදුව තිබුනි.

ඉඩම් හිමියන් සදහන් කරන්නේ මැනීමේ කටයුතු සදහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පැමිණෙන බව තමන්ට සැලවීමත් සමග ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලනඥයන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ එම පෙරමුණේ නීතිඥ කනගරත්නම් සුගාස් එම ස්ථානයට පැමිණ ඉඩම් හිමියන්ට සහාය පළ කර තිබේ.


එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ කනගරත්නම් සුගාස් මෙතෙක් කල්තියා දැනුම් දී පැමිනි නිලධාරීන් මෙවර හොර රහසේ ඉඩම් මැනීමට පැමිණීම හැඳින්වුයේ භයානක සංඥාවක් ලෙසයි.


“කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සහ ජනතාව දැනුවත් කිරීමකින් තොරව හොරු වගේ අද කීරිමලේ ඉඩම් අල්ලා ගන්නවා කියලා ලැබුන තොරතුරු අනුව ජනතාව සමග එකතු වෙලා ඒක අපි නවත්තලා තියනවා. අපි මේක භයානක සංඥාවක් ලෙස දකින්නේ. මීට පෙර ජනතාවට දැනුවත් කරලා ඉඩම් ඉඩම් අත්පත්කරගැනීමට පැමිණි අය හොර රහසේ ඉඩම් අත්පත් කර ගැනීමට පැමිණිම භයානක ලකුණක් ලෙස අපි දකින්නේ. අපේ ස්ථාවරය නම් ඉඩම් හිමියන්ගේ ස්ථාවරයයි. කිසිම ආකාරයකින් ඉඩම් කොල්ලකෑමට ඉඩ දෙන්න බැහැ. මේ අපේ මාතෘභූමියයි.”

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි 2010- 2015 සමයේ ඉදිකිරීම් කටයුතු ඇරඹූ යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එහි රජය සතු අක්කර 12ක ඉඩමක් තුළ ගොඩනැගිලි සංකීර්ණ ඉදිකර ඇත.


අක්කර 17 ක් දෙමළ ජනයාට අයත් ඔප්පු සහිත පෞද්ගලික ඉඩම්

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එම භුමියෙන් අක්කර 17 ක් දෙමළ ජනයාට අයත් ඔප්පු සහිත පෞද්ගලික ඉඩම් බවයි.

උතුරේ දියත් වු යුද්ධය හේතුවෙන් 1990 වසරේදී ඉඩම් හිමියන් එම භුමියෙන් ඉවත් වීමත් සමග රජයේ ආරක්ෂක අංශ විසින් එම ඉඩම් අත්පත් කරගත් බව ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි එම ඉඩම් දැනට පවතින්නේ නාවික හමුදා භාරයේය.

යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයට බදු දී, දෙමළ ජනයාට අයත් ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු දීමට තීරණය කර ඇති බව  පසුගිය දෙසැම්බර් මාසයේ දී  ජනමාධ්‍ය වාර්තා කර තිබුනි.

එම පවරා දීම සඳහා ඉඩම් හිමියන්ගේ අනුමැතිය ලබාගත් බවක් දැනගන්නට නැත.

kjhdf

සබැඳි පුවත් :

මහින්ද හැදූ ජනාධිපති මන්දිරේට ඉඩම් අල්ලන්න ගිය රනිල්ගේ ආණ්ඩුව පසුබසී
යාපනයේ ජනාධිපති මන්දිරය අවට ඉඩම් ඇල්ලීමේ තැත වරදී

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්