ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල

වෙත ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු  අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බව සඳහන්  කර ඇත.

ඒ හේතුවෙන් ලබන සඳුදා (08) වැනිදා පෙරවරු 10ට එම රැස්විම කැදවන ලෙස හෙතෙම කියා ඇත.

එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

නිමල් සිරිපාල ගේ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත්, ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවත් එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාට ලිපියක් යවමින් දන්වා තිබේ.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති ⁣හෙයින්  එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බවද එම ලිපියේ සඳහන්  කර ඇත.

(lankadeepa.lk -ආරියරත්න රණබාහු)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්