ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපති වික්‍රමසිංහ වෙත පළවී ඇත. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (07) පැවති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ ක්‍රියාකාරීන් එහිදී සඳහන් කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ගම සමග සම්බන්ධීකරණයට පළාත් පාලන හිටපු සභාපතිවරුන්ගේ සාමාජිකත්වයෙන් උපදේශක සංවිධානයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර ඇත. 

ඒ අනුව ගම්වල තිබෙන ගැටළු පිළිබඳව සෘජුව ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව දැනුම්වත් කිරීමට හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සහතික වී තිබේ.

දැනට රජය ගෙනයන “අස්වැසුම” වැඩසටහන සහ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඍජුව සහභාගී වන ලෙස හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති ජනාධිපතිවරයා, ඊට අවශ්‍ය  පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇත.

එසේම පළාත් පාලන බල ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නියමුවන් ලෙස ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී තිබේ.

rw lqwe723

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්