බැඳුම්කර හිමියන් ඉල්ලා සිටින දූෂණ විරෝධී යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට වන්නේ ඇයි දැයි විපක්ෂ නායක

සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

'වෙරිටේ රිසර්ච්' නම් පර්යේෂණ ආයතනය නැවුම් ප්‍රතිපත්තිමය උපකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ආයතනයේ නියෝජිතයන් අප රටේ බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ ණයවල පොළි අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් සමඟ යම්කිසි එකඟතාවට පැමිණ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහි දී බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ කොන්දේසි අතර ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම, දූෂණය පිටුදැකීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව කාලසටහනක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට මේ අවස්ථාවේ තමන්ගේ විනිවිදභාවය සහ පාරදෘෂ්‍යභාවය ඔප්පු කිරිමට අවස්ථාව උදා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


එසේම දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකි නමුත් රජයේ අරමුණ බංකොලොත් රටක හොරකමට ඉඩ දී ජාතික දේපල හා සම්පත් මංකොල්ලකන අල්ලස්වලින් පිරුණු දූෂිත දේශපාලන සංස්කෘතිය නඩත්තු කිරීමට නම් බැඳුම්කර හිමියන්ගෙන් සහනයක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 158 වැනි අදියර යටතේ අම්බලන්තොට මැලේකොලණිය අල් අක්බාර් මුස්ලිම් විද්‍යාලයට අද රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම සඳහා නව ඇඳුම් ලබා ගැනීමට පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.*

මෙම යෝජනා අයි. එම්. එෆ්. ගිවිසුමේ පවා ඇති නිසා රජය කරුණාකර යහපත් රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කළ යුතු බවත් එවිට රටක් ලෙස අප ගත් ණයවල පොලිය අඩු කර ගත හැකි බවත් මෙම කොන්දේසියට රජය එකඟ වීමට ප්‍රමාද වන්නේ දූෂණයට ඉඩ ලබා දීම නිසා ද නැතිනම් මැතිවරණවලට පෙර ගසාකෑම් හොරාකෑම් සිදු කිරීමට ද කියා ගැටලුවක් පැන නගින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වත්මන් රජය මේ කරුණු ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වහාම දූෂණ විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, මේ කරුණුවලට රජය එකග නොවන්නේ දූෂණය තුරන් කිරීමට සහ යහපත් රාජ්‍ය පාලනයට ඇති අකැමැත්ත නිසා ද කියා ගැටලුවක් ඇති බවයි.


''මට ඡන්ද මල්ලට වඩා දැනුම් මල්ල ඉතා වැදගත්''

සිංහල පමණයි දමිළ පමණයි කියා ඡන්දවලට මුල්තැන දී කටයුතු කළ බවත් ඔවුන් දරුවන් ගැන නොව ඡන්ද මල්ල ගැන පමණක් සිතා කටයුතු කළ නිසා රජයේ පාසල් 10126ක දරුවන් 41 ලක්ෂයක් අනාථ වී ඇති බවත් ඔවුන් දරුවන්ට වගකීමක් සිදු නොකරන බවත් මේ පාර්ශ්ව ද්විත්වයම දැනුම වර්ධනය කරනවා ඡන්ද මල්ල පුරවා ගැනීම ගැන පමණක් සිතුවත් තමා ඡන්ද මල්ලට වඩා දැනුම අධ්‍යාපනය වර්ධනය කිරීමට අවධානය යොමු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


''මට බස් මෑන් කියන්නේ වැඩ බැරි මෑන්ලා''

රටේ අධ්‍යාපනය නැංවීමට තමාට ඇති දැක්ම වෙනත් කිසිදු කණ්ඩායමකට හෝ පක්ෂයකට නොමැති බවත් විකල්ප යැයි කියන කණ්ඩායම් තමා පාසල්වලට බස් ලබා දෙන විට බනිමින් බස්වලින් සෙනඟ ගෙන්වමින් රැස්වීම් පවත්වන බවත් තමාට බස් මෑන් කියන්නේ කිසිදු සේවාවක් කරන්න බැරි මිනිසුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

''මම බෙදන්නේ පරිගණක මිස මත්පැන් නොවෙයි''

තමා බෙදනවා යැයි චෝදනා කරන අයට කියන්න ඇත්තේ තමා බෙදන්නේ මත්ද්‍රව්‍ය, මත්පැන්, තහනම් ද්‍රව්‍ය නොව පාසල්වලට අගයක් එකතු කරන දේවල් බවත් තමාට බෙදනවා යැයි චෝදනා කරනා විප්ලවවාදීන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලැබ සමාජශාලාවල මත්පැන් පානය කරනා බවත් මොවුන් කුමන කතා කිව්වත් තමා පාසල්වලට ලබා දෙන මෙම ප්‍රදානයන් නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

''අපි හැමවෙලේම දරුවන්ට දුන්නේ හොඳම දේ''
 
මේ සුහුරු පන්ති කාමර නිසා රටේ 41 ලක්ෂයක් පාසල් දරුවන්ට ද විප්ලවවාදීන්ගේ දරුවන් ලබන පෞද්ගලික අධ්‍යාපනයේ දායාද රජයේ පාසල්වලින් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන නිසා තමාට බස්මැන් කියන පුද්ගලයන්ගේ හිතේ ඊර්ෂයාවක් ඇතිව තිබෙන බවත් ඔවුන් ඊර්ෂයා කළත් තමා ක්‍රියාවෙන් සෑම අවස්ථාවකම දරුවන්ට හොඳම දේ දරුවන්ට ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 158 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1725ක් වැය කර තිබේ.
 
 
kklgjg

 

 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්