The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

හින්දු මුලධර්මවාදීන්ට වන්නියේ හින්දු බැතිමතුන්ගේ විරෝධය

T

The Leader Desk

April 19, 2024 • 11:38 AM

හින්දු මුලධර්මවාදීන්ට වන්නියේ හින්දු බැතිමතුන්ගේ විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආදී ලිංගේස්වර කෝවිල් පරිපාලන සභාවේ ලේකම් තුරෙයිරාසා තමිල්චෙල්වම මුලසුන හෙබවූ සාකච්ඡා සභාව පවත්වා ඇත්තේ නයිනමඩු මුරුගන් කෝවිලේ ප්‍රධාන පූජක ජෙයසුද කුරුක්කල් සහ යාපනයේ සිවගුරු ආශ්‍රමයේ වේලන් ස්වාමිගේ අනුශාසකත්වයෙනි.
  • ඔවුන් පිටව නොයන්නේ නම් තමන් පිටව යන බව බැතිමත්තු අනතුරු අඟවා තිබේ.
  • අනතුරු ඇඟවීම නොතකා සිව සේනා නායකයන් දිගටම සභාවේ රැඳී සිටීම නිසා ආදි ලිංගේස්වර කෝවිලේ බැතිමතුන් ඔලුමඩු ප්‍රජා ශාලාවෙන් පිටතට පැමිණ ඇති අතර ඔවුන්ව අනුගමනය කරමින් කෝවිලේ පරිපාලන සභාවද පිටතට පැමිණ තිබේ.
  • වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි සිව දේවාලයට 2023 වසරේ මාර්තු මාසයේ දී හානි සිදු කළ පිරිසක් කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදි ලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට විසිකර දමා තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලේ 2024- 2025 වසර සදහා පරිපාලන සභාව තෝරා පත් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡාවක් වත්මන් පරිපාලන සභාවේ නියෝජිතයන් සහ ප්‍රදේශවාදී බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 12 වැනිදා ඔලුමඩු ප්‍රජා ශාලාවේ දී පවත්වා ඇත.

ආදී ලිංගේස්වර කෝවිල් පරිපාලන සභාවේ ලේකම් තුරෙයිරාසා තමිල්චෙල්වම මුලසුන හෙබවූ සාකච්ඡා සභාව පවත්වා ඇත්තේ නයිනමඩු මුරුගන් කෝවිලේ ප්‍රධාන පූජක ජෙයසුද කුරුක්කල් සහ යාපනයේ සිවගුරු ආශ්‍රමයේ වේලන් ස්වාමිගේ අනුශාසකත්වයෙනි.

 

අන්ත දක්ෂිණාංශික ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ ද සහාය ලබන ශ්‍රී ලංකාවේ සිව සේනානායක මරවන්පුලවු කනපතිපිල්ලෙයි සචිතානන්දන් ඇතුළු පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් කිසිදු ආරාධනයකින් තොරව ශාලාවට ඇතුළු වී ආදි ලිංගේස්වර කෝවිලේ පරිපාලන සභාවේ නිලයක් තම සංවිධානයටද ලබා දෙන ලෙසට ඉල්ලා සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 

කෝවිලේ ආරක්ෂාව සහ අයිතිය වෙනුවෙන් ප්‍රදේශවාසීන් වසරකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ අරගලයක යෙදී සිටියද එම කාලය තුල අඩුම තරමින් ඒ වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත් කර නොමැති සිව සේනා සංවිධානයට විරුද්ධත්වය පළ කළ ප්‍රදේශයේ බැතිමතුන්  මරවන්පුලවු සචිතානන්දන් ඇතුළු කණ්ඩායමට සාකච්ඡා භුමියෙන් පිටව යෑම සඳහා විනාඩි 10 ක කාලයක් ලබා දී තිබේ. ඔවුන් පිටව නොයන්නේ නම් තමන් පිටව යන බව බැතිමත්තු අනතුරු අඟවා තිබේ.

අනතුරු ඇඟවීම නොතකා සිව සේනා නායකයන් දිගටම සභාවේ රැඳී සිටීම නිසා ආදි ලිංගේස්වර කෝවිලේ බැතිමතුන් ඔලුමඩු ප්‍රජා ශාලාවෙන් පිටතට පැමිණ ඇති අතර ඔවුන්ව අනුගමනය කරමින් කෝවිලේ පරිපාලන සභාවද පිටතට පැමිණ තිබේ.

වත්මන් පරිපාලන සභාව තවත් වසරක් ඉදිරියට එම තනතුරුවලම කටයුතු කිරීමට සභාව තීරණය කළ බව පවසන පළාත් බද වාර්තාකරුවන් අවධාරණය කරන්නේ ප්‍රදේශයේ බැතිමතුන් සහ කෝවිලේ පරිපාලන සභාව එම ස්ථානයෙන් පිටව ගොස් පැයකට පමණ පසුව ශ්‍රී ලංකාවේ සිව සේනා සංවිධානයේ සාමාජිකයන් පස් දෙනා ද එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

hindu 2
වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි සිව දේවාලයට 2023 වසරේ මාර්තු මාසයේ දී හානි සිදු කළ පිරිසක් කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදි ලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට විසිකර දමා තිබුනි.

පිළිමයට අමතරව එම ස්ථානයේ තැන්පත් කර තිබු ගණදෙවි, අම්මන් සහ බහිරව යන ප්‍රතිමා ත්‍රිත්වයත් එම ස්ථානයෙන් අතුරුදහන් කර ඇති බවට පළාත් බද වාර්තාකරුවන් විසින් එවකට වාර්තා කරන ලදී.

 

ආදි ලිංගේස්වර කෝවිලේ  මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී 2024  මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු සහ පුජා භාන්ඩ ඇතුළු උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

 

ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර සියළු දෙනා නිදහස් කිරීමට වව්නියාව දිසා අධිකරණය මාර්තු 19 වැනිදා නියෝග කළේය.

පළාතේ දෙමළ ජනතාව අද වන විට වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හැදින්නුවද අතීතයේ එම ස්ථානය වඩ්ඩමාන පර්වත විහාරය ලෙස හඳුන්වන ලද බවට සිංහල බෞද්ධයන් අතර මතයක්ද පවති.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...