ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ මැදිහත් වීමක් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 06 දෙනකුට ඔවුන් ඉදිරිපත් කළ

ව්‍යාපෘති වාර්තා වෙනුවෙන් නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝණය කරමින් රුපියල් කෝටි 32කට අධික මුදලක් ලබා තිබේ.

මෙම මුදල් නිදහස් කර දී ඇත්තේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට ප්‍රමුඛත්වය නොදී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස ජානාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වාට රුපියල් පන් කෝටි දෙලක්ෂයක (රු. 50,200,000) මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කර දී තිබේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නපෙරුමට රුපියල් හාරකෝටි අනූනව ලක්ෂ අසූ හයදහස් දෙසිය පනහක් (රු. 49,986,250)ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට රුපියල් හයකෝටි අනූ ලක්ෂයක (රු. 69,000,000) මුදලක්ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලකට රුපියල් පන්කෝටි දසලක්ෂයක (රු. 51,000,000) මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කර දී ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් අටකෝටි දාසයලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සිය හැත්තෑ හයයි සත අනූ හතරක (රු. 81,677,376.94) මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන්ට රුපියල් කෝටි දහයක (රු. 100,000,000) මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෘජුවම නිදහස් කර තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විමධ්‍යගත අයවැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රිවරයන්ව දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් එම චක්‍රලේඛ අනුව අදාළ මුදල් වෙන්කරවා ගැනීමේදී “ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, ප්‍රජාව, ප්‍රජා සංවිධාන සහ ග්‍රාම නිලධාරී වසම වෙනුවෙන් සේවය සපයන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ප්‍රදේශයේ ජනතාව රැස්කොට වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් දැනුවත් කිරීමක් මගින් එක් එක් ග්‍රාම නිලධාරී වසම සඳහා පහත “2. සංර්වර්ධන අංශ” යටතේ දැක්වෙන අංශ අනුව ව්‍යාපෘති හඳුනා ගැනීම සිදු කළ යුතුය.” යනුවෙන් සඳහන් කර ඇත.

ඊට අමතරව “හඳුනා ගන්නා ව්‍යාපෘතිවල ශක්‍යතාවය සතියක කාලයක් තුළ අදාළ රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් කඩිනමින් තහවුරු කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති යෝජනා ලැයිස්තුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය සහිතව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ යුතුය.” යැයිද සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම පියවර අනුගමණය නොකර සෘජුවම සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නපෙරුම, කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක, ඒ.එච්.එම් ෆවුසි සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු වෙත මුදල් නිදහස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කර ඇත.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අතිමත් බහුතරයක සභාපති ධුර දරන්නේ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අතර ඔවුන්ට හෝ උක්ත සජිත් පිලේ මන්ත්‍රීවරු 06 දෙනාට ලැබී ඇති වරප්‍රසාදය හිමි නොවීමද විශේෂත්වයකි.

(lankatruth.com)

letteer jkhdf

 klkfgd
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්