ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් විකල්පයක් රටට හා ජනතාවට ඉතිරිව නැතැයි කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික

පක්ෂය ප්‍රබල නායකයෙකු පවසයි.

රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරන්නේ.

“මගේ අදහස නම් රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි. ඒ මන්ද මේ සුවිසල් අභියෝගය, වගකීම සහ කාර්යභාරය ජනාධිපතිවරයාට පමණක් තනිවම ජය ගත නොහැකියි. ඒ සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකියි.”

තොටළඟ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රියදුරන් මුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ඉදිරි සුභසාධන කටයුතු නගා සිටුවීම සඳහා සියලු ත්‍රීරෝද රථ සංගම් නියෝජනය කරමින් "එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය" නමින් නව සංගමයක් මෙහිදී ආරම්භ කරනු ලැබුවා.

මෙය එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් ප්‍රථම ත්‍රිවිල් රථ සංගමය ලෙසයි හැඳින්වෙන්නේ.



''ජනාධිපතිගේ වැඩවලට System Change ගැන කතා කරන අය බය වෙලා''



එහිදි අදහස් දක්වමින් රවී කරුණානායක කියා සිටියේ ජනාධිපතිවරයාගේ සාධනීය දේශපාලන-ආර්ථික සහ සමාජ වැඩපිළිවෙළ හමුවේ System Change ගැන කතා කරන පිරිස් භීතියට පත්ව ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ගමන යළි හැරවීම සඳහා විවිධ පටු දේශපාලන සටන් පාඨ කියමින් දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී ලාභ උත්සාහයක යෙදී සිටින බවට ද හෙතෙම චෝදනා කළේය.

ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද කියා එක්සත් ජාතික පක්ෂය ලෙස අවස්ථාවාදීන්ගෙන් සහ බල ලෝභී අන්තවාදීන්ගෙන් එජප කොළඹ නායකයා ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථාවලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළ බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගත් නමුත් පැමිණි බාධා අති විශාල බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය.

  (චතුරංග මේදිස්)

 ravi 4ravi3





worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්