ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද

(අප්‍රේල් 24 වැනිදා) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් 2022 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කළේය.

දිසා විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ 2019 සහ 2021 වසර වල පක්ෂයේ විධායක සභාව පත්වූ ආකාරය පිළිබඳව පෙත්සම්කරු අභියෝගයට ලක්කර ඇති බව ය.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීන්දු කළ දිසා විනිසුරුවරයා අනතුරුව මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ පැමිණිල්ලේ විත්තිකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය පෙනී සිටිමින් පෙරකලාසි ඉදිරිපත් කළාය.

ඉන් අනතුරුව නඩුවට අදාළ උත්තර ජුනි මස 24 වැනි දා ඉදිරිපත් කරන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කළේය.

පෙත්සම්කාර මොන්ටේගු සරත්චන්ද්‍ර කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජික වශයෙන් කටයුතු කරන බව ය.


slfp Motigu

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් පසුව ඔහු නිල බලයෙන් පක්ෂයේ අනුශාසක ධුරයට පත් කරන බව පෙත්සම්කාර මොන්ටේගු සරත්චන්ද්‍ර අවධාරණය කරයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු විශ්‍රාම යාමෙන් පසුව ඔහු නිල බලයෙන් පක්ෂයේ අනුශාසක ධුරයට පත් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන, ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් අත්තනෝමතික ආකාරයෙන් රැඳී සිටීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව පැමිණිලිකරු කියා සිටියි.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 18 දා නියෝග කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් 04 වනදා එම වාරණ නියෝගය නිකුත් කළේය.


එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ මෙදින යළිත් කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල සහ පක්ෂයේ උප සභාපතිවරුන් වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් පෙරකලාසි අධිකරණය හමුවේ ගොනු කළහ.

ඉන් අනතුරුව නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ කොළඹ දිසා විනිසුරුවරයා දෙපාර්ශවයේ එකඟත්වය සහිතව දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන බව නියෝග කරන ලදී.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් කර ඇති බවට චෝදනා


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය.

පක්ෂයේ සභාපතිවරයා මෙන්ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය උද්ගත වූ බව පෙත්සමේ සඳහන් වෙයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ළමුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු මිය ගොස් තවත් 500 පමණ තුවාල ලැබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකාරීය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින්ද මෛත්‍රිපාල සිරිසේන වරදකරු වී ඔහුට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට නියම කෙරුණු බවත් පෙත්සමේ දක්වා තිබේ.

එසේම මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත්කොට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කළ බවත් එම ක්‍රියාව තුළින් මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

මේ මගින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක ආණ්ඩු කිරීම වැළැක්වීමට ක්‍රියා කළ බවත් චෝදනා කර තිබේ.

එසේම මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ පක්ෂයෙහි අභිවෘද්ධිය සඳහා කලක් තිස්සේ ක්‍රියා කළ ප්‍රබල ක්‍රියාකාරිකයින් රැසක්ම අත්තනෝමතික ආකාරයෙන් නෙරපා හැරීමට ඔහු කටයුතු කර ඇති බවත් පෙත්සමෙන් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි.

විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එබැවින් ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.


56c0ae20 f269 11ee bbe1 bb4bc084dccb

 මෛත්‍රිපාල සිරිසේනගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එබැවින් ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.


2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ ආසන 95 ක් දිනා ගැනීමට හැකි වුවද මෛත්‍රිපාල සිරිසේනගේ අත්තනෝමතික හා ඒකාධිපති පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් එම මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට කුඩා සංඛ්‍යාවක් බවට පත්ව තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු ඉන් විශ්‍රාම ගිය පසු ඉබේම ඔහු පක්ෂයේ අනුශාසක ධුරයට පත්වන නමුත් මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් විශ්‍රාම ගිය පසුව ද අත්තනෝමතික ලෙස සභාපති ධුරයේ රැඳී සිටීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන පැමිණිලිකාරිය ඔහුට එම ධුරයේ රැඳී සිටීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් සඳහන් කර තිබේ.

විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ලංකා නිදහස් පක්ෂයේ කීර්ති නාමයට දැඩි හානියක් සිදු වී ඇති බවත් එබැවින් ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් චන්ද්‍රිකා කුමාරතුංග සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පැමිණිල්ලිකාර චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් පූර්ණිමා රත්නායක, අමිල දිසානායක යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කරුණු ඉදිරිපත් කළහ.

(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්