මෙවර මහ මැතිවරණය සඳහා 'පොහොට්ටුව' ලකුනුන් ඉදිරිපත් වන්නේ ද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (16) රාත්‍රී 7.00ට රැස්වීමට නියමිතය. 

එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාලි පාර පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම කැඳවා ඇත්තේ පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර විසිනි.

මෙවර මහ මැතිවරණය සඳහා 'පොහොට්ටුව' ලකුනුන් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවය පළකර  තිබුනේ පොහොට්ටු පක්ෂයේ නායකත්වය විසින් ලබාදී තිබු පොරොන්දු රැසක් මතය. 

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියලුදෙනාට හා ඊට අමතරව අවම වශයෙන් එක දිස්ත්‍රීක්කයකින් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදීම එම එකඟතාවයන් අතර තිබු මුලික කොන්දේසියක් විය.  නමුත් ජනාධිපතිවරණ සමයේදී පැවති එකනගතාවය වුයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයට මුළු අපේක්ෂක ප්‍රමාණයෙන් සියයට 30ක ප්‍රමාණයක් ලබාදෙන බවයි.

එහෙත් එම කොන්දේසි මේවනවිට මුළුමනින්ම කඩකර ඇති පොහොට්ටු පක්ෂ නායකයින්, නිශාන්ත මුතුහෙට්ටිගමට ගාල්ල දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා ලබාදීමට නොහැකි බව දන්වා ඇති අතර ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ලසන්ත අලගියවන්නට හැර වෙනත් කිසිඳු ශ්‍රීලනිප අයකුට නාමයෝජනා දිය නොහැකි බවද දැනුම් දී තිබේ.

89005543 2804052793011121 8105140875723538432 n 768x512                                                 බැසිල් ශ්‍රීලනිපයේ මහින්ද සමරසිංහ පොහොට්ටුවට ගනී ...

එසේම කළුතර දිස්ත්‍රීක්කය නියෝජනය කළ ශ්‍රීලනිප හිටපු මන්ත්‍රී මහින්ද සමරසිංහ 'පොහොට්ටු' පක්ෂයට බඳවා ගනිමින්, ශ්‍රීලනිපයේ කිසිවකුට කළුතර දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්‍ රාජපක්ෂ අතින් මහින්ද සමරසිංහ ඊයේ (15) දින එම පක්ෂ‌යේ සාමාජිකත්වය ලබාගෙන ඇති අතර කළුතර දිස්ත්‍රීක්කයෙන් මැතිවරණය සඳහා තරග වැදීමට ඔහු නාමයෝජනා අත්සන් කිරීමද සිදු කර ඇත.

බැසිල් මඟ හරී !

මෙම ගැටළු විසඳා ගැනීම සඳහා ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ශ්‍රීලනිප මාධ්‍යය ප්‍රකාශක වීරකුමාර දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන ශ්‍රීලනිප නායකයින් අද පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හමුවීම සඳහා බත්තරමුල්ලේ පිහිටි 'පොහොට්ටු' කාර්යාලයට ගොස් ඇතත්, බැසිල් රාජපක්ෂ එම හමුවීම මගහැර තිබේ.

අනතුරුව 'පොහොට්ටු' පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් එම ශ්‍රීලනිප නියෝජිතයින් හමුව ඇතත් තමන්ට මෙම ගැටළු විසඳිය නොහැකි බව දැනුම් දී ඇත. 

''තමුසෙට එහෙම තීන්දුවක් ගන්න බැරිනම්, මොකද අයිසේ අපිව කැඳවලා රස්තියාදු කලේ'' යයි එම අවස්ථාවේදී දුමින්ද දිසානායක දැඩි අවේගයෙන් යුතුව පවසා තිබේ.

මේ කෙනෙහිලිකම් හමුවේ වහාම ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවා 'පොහොට්ටුවෙන්' ඉදිරිපත් වන්නේද නැද්ද යන කාරණය අද රාත්‍රීයේ තීන්දු වනු ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්