කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින්

ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත.   ඒ අනුව සිය පෞද්ගලික ධන පරිත්‍යාග යටතේ, කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය  රෝහල් ඇඳන් 485ක්,  එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව සුප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා 'ඩේලි එෆ්.ටී' වෙත පවසා තිබේ.  

මේ අතර ජෝන් කීල්ස් සමූහය , හේමාස් හෝටල් සමූහය සහ සිට්ට්‍රස් හෝටල් සමූහය සිය ව්‍යාපාර ජාල වලට අයත් එක් හෝටලයක් බැගින් හෝටල් තුනක් කොවිඩ් 19 නිරෝධනය මධ්‍යස්ථාන ලෙස ලෙස ලබා ගන්නා ලෙසට ඉල්ලීම කර ඇත.   (ඩේලි එෆ්.ටී ඇසුරෙනි)

සබැඳි පුවත් :  

දිලිත් ගෙන් ආරම්භයක් මීළඟට ධම්මික ! : Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් වේ.

 

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...