රටේම අවධානයට ලක්ව ඇති සජිත්- අනුර සජීවී විවාදයට සහභාගීවන බව තහවුරු කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර

දිසානායකට ස්තුතිය පළකර ඇති ස්වාධින රුපවාහිනියේ (ITN) සභාපතිවරයා, එහෙත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම විවාදයට සහභාගිවන බවක් මේ දක්වා දැනුම් දී නැතැයි පවසයි. 

ITN සභාපති, නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් ජාතික ජන බලවේගයේ විධායක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෙත ලිපියක් යොමුකරමින් එබව දැනුම් දී ඇත. 

එම ලිපියේ මෙසේ සඳහන් වේ. 

හිතවත් නලින්ද ජයතිස්ස මහත්මයාණෙනි,

යෝජිත රුපවාහිනී සංවාදය පිළිබඳවයි.

2024.06.04 දාතමින් මා විසින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා අමතමින් එවන ලද ලිපිය සහ එයට පිළිතුරු ලෙස ඔබ විසින් මා අමතා එවන ලද 2024.06.05 දින දරන ලිපිය හා බැඳේ.

පළමු වෙන්ම අපගේ ආරාධනය පිළිගෙන 2024.06.06 පැවැත්වීමට නියමිත විවාදයට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට සුදානමින් සිටින බව තහවුරු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමු.

ඔබ විසින් සඳහන් කර ඇති පරිදි මෙය සාමාන්‍ය රූපවාහිනී සංවාදයක් නොව දැනටමත් ප්‍රකාශිත විවාදයක් වන බැවින් ප්‍රතිපාර්ශ්වය වන සමගි ජන බලවේගයේ නායකයා ලෙස විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා එයට සහභාගී වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම මෙම විවාදය විධිමත්ව පැවැත්වීම සඳහා වන අත්‍යවශ්‍ය වන කොන්දේසියක් වන බව අපි ද තරයේ විශ්වාස කරමු.

 

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා වෙත ආරාධනා කරමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතාට ද පිටපතක් සහිතව 2024.06.04 දාතමින් මා විසින් ලිපියක් යොමු කර ඇති මුත් එම ලිපිය ලැබුනේ ද යන්න පිළිබඳව හෝ එම විවාදය සඳහා තමන් සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ වනතුරු අප වෙත දැනුම් දී නොමැති බව ඉතා කාරුණිකව දැනුම් දෙමු.''

 

කෙසේවුවද ස්වාධින රුපවාහිනියේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විවාදයට පැවතීමට මොහොතකට පෙර ඊට සහභාගිවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි. 

2024 ජුනි මස 06 වන දින රාත්‍රී 10.00 සිට සිය මාධ්‍ය ආයතනය සතු HD මැදිරියේදී එම විවාදය පැවැත්වීමට ITN නාලිකාව මේවනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ. එම  වැඩසටහන සජීවී ලෙස විකාශය කිරීම සඳහා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ආයතන ගණනාවක්ම මේවනවිට ඉල්ලීම් කර ඇතැයි ITN  සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසයි.

IMG 20240606 WA0001

සබැඳි පුවත් :

ජුනි 6 විවාදයට එන බව අනුර දැනුම් දේ - සජිත් නිහඬයි!

සජිත්-අනුර ජුනි 06 විවාදයට ITN තුලාව වෙන්කරයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්