තමාට ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක

සභාවේ සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දැනුම් දී ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව හර්ෂද සිල්වා ගේ එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන ට දන්වා ඇත.

හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා තමාට ජීවිත තර්ජනයක් ඇති බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

මේ අනුව එම ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබිණ. පරීක්ෂණයක් අවශ්‍ය නැති බව ඔහු දැනුම් දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.

 පරීක්ෂණයක් ආරම්භ කිරීම ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය ස්තුතිය පුද කරන බවත් තමාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තුවේදී කළ එකක් බවත් මන්ත්‍රීවරයා දැනුම්දී ඇත.


තමා සම්බන්ධයෙන් දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍ය වන්නේ නම් නැවත දැනුම් දීමට කටයුතු කරන බවත් හර්ෂද සිල්වා වැඩිදුරටත් පවසා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

හර්ෂද සිල්වා පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමා පාරේ මරා දැමුවොත් මෙම ගනුදෙනුව පිටුපස සිටින අය එහි වගකීම බාරගත යුතු බවයි.

" මේගොල්ලන් මට කියන්නෙ මොකක්ද. දුෂණ වහන්නද කියන්නේ. මෙහෙම තර්ජන කරන්න පුළුවන්ද" යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළේය.


හර්ෂද සිල්වා ට ජීවිත තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ ගැන විමර්ශන කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කතානායකවරයාගෙන් එහිදී ඉල්ලා සිටියහ.

හර්ෂද සිල්වා මහතාට" තමුසේ මේවා හොයන්න එපා" යනුවෙන් තර්ජනය කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව මුජීබර් රහුමන් පැවසීය.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)


සබැඳි පුවත් :
හර්ෂට එල්ලවී ඇති තර්ජන ගැන හොයන්න CID විමර්ශනයක්
'මාව මරල දැම්මොත් මේකෙ පිටිපස්සෙ ඉන්න අය වගකිව යුතුයි' - හර්ෂ ද සිල්වා

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්