නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක්

ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (10) අවසන්වී ඇතැයි වාර්තාවේ.

අදාළ යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සහභාගිවී තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගිවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට කරුණු ප්‍රකාශ වීමෙන් රැස්වීම මෙසේ කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කෙසේවෙතත් ලබන 18 වන දින යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එහිදී නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේය.

නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය මේ මස අග අවසන් වීමට නියමිත අතර ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ 2021 වර්ෂයේ මැයි මස 26 වැනිදා දිවුරුම් දුන්නේය.


සබැඳි පුවත් :

නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනීයි - ජී.එල්. පීරිස්

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති කියා ඇත්තේ බොරු!  -කතෝලික රදගුරු සම්මේලනය

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්