ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව වෙනුවෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතු බව උතුරේ ප්‍රධාන දෙමළ පක්ෂයක නියෝජිතයෙක්

සදහන් කළත්, සිවිල් සමාජයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව තවදුරටත් පවතින බව දෙමළ පක්ෂ පහකින් සමන්විත සන්ධානයක නියෝජිතයෙකු පෙන්වා දී තිබේ.

දෙමළ ජාතික පක්ෂයේ ලේකම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් එවැනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂයක් ලබාදීමේ සුදානමද පල කර සිටියේය.

“සිවිල් සමාජය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. අපි පක්ෂ හයක් සහයෝගය දෙන්න පුළුවන් තත්වයක් තියනවා, ඉලංගෙයි තමිල් අරසු කච්චි හා දෙමළ ජාතික ජනතා පෙරමුණ හැර. ඒ නිසා ඒ අයට තරග කරන්න පක්ෂයක් සුදානම් කරලා දෙන එකත් ප්‍රශ්නයක් නැහැ.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මේ වන විට දේශපාලන පක්ෂ 5 කින් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නියෝජනය කරන්නෙකි. මහින්ද රාජපක්ෂ දෙවැනි වරට ජනාධිපති ලෙස තේරී පත්වූ 2010 මැතිවරණයේදී සිවාජිලිංගම් දෙමළ අපේක්ෂකයකු ලෙස තරග වැදුණේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය ද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

 

යාපනයේ මාධ්‍ය සමාජයේ දී ජුනි 11 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් තව දුරටත් සදහන් කළේ වෙනත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවුනහොත් අවසාන වශයෙන් තමන් හෝ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට පසුබට නොවන බවයි.

“ඉතින් අන්තිම මොහොතේ අපේක්‍ෂකයෙක් පත් කරගන්න බැරි වුණොත් අඩුම තරමේ දෙමළ ජාතික භුමියේ මම තරග කරනවා. මින් ඉදිරියට කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළත්, සන්ධාන පක්ෂ අතර ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මම සූදානම්.”

 

එම්. කේ. සිවාජිලිංගම් ද සහභාගී වී සිටි, ඊලාම් දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය, පොදුජන ස්ථාවරය සහ ජනතාවගේ ඡන්දය මැයෙන් ජුනි 9 වැනිදා යාපනය තන්දෙයි සෙල්වා ශාලාවේ පැවති සාකච්ඡා සභාවක් අමතමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පවසා තිබුනේ ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු බවයි.

 

එම අභියෝගයට මුහුණ දෙමින් දෙමළ ජාතික පක්ෂයේ ලේකම් එම්. කේ. සිවාජිලිංගම් ජුනි 11 වැනිදා යාපනයේ මාධ්‍ය සමාජයේදී සුමන්තිරන් මන්ත්‍රීවරයාට පිළිතුරු දී තිබුනේ පහත අයුරිනි.

“දෙමළ පොදු අපේක්ෂකයෙක් විදිහට සිවාජිලිංගම් වැඩේට බහිනවා. පොදු අපේක්ෂකයෙක් නෑ කියන තත්වයක් ඇති නොවන බව සුමන්දිරන්ට පෙන්වා දෙන්න කැමතියි. ”

ජුනි 9 වැනිදා යාපනය තන්දෙයි සෙල්වා ශාලාවේ දී සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇමතු මහජන සභාවම අමතමින් ITAK ජ්‍යෙෂ්ඨ නායකයකු වන උතුරු පළාත් සභාවේ සභාපති  සී.වි.කේ සිවඥානම් සදහන් කර තිබුනේ තමන් ද පොදු අපේක්ෂකයකුට විරුද්ධ නොවන බවයි.

ඒකීය රාජ්‍යයක් තුළ රටේ බහුතර ජන වර්ගය වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කටයුතු කරන බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ගේ ලේකම් ධුරය යටතේ ක්‍රියාත්මක වන, දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටිමින් දැනටමත් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය හා දෙමළ ජාතික පක්ෂයෙන් සමන්විතය.



සබැඳි පුවත් :
දෙමළ පොදු අපේක්ෂකයෙක් ගැන ITAK ඇතුලේ කඹ ඇදිල්ලක්

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්