ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ තුන්වන ණය වාරිකය අනුමත කිරීමට පෙර

එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් පැවැත් වූ සමාලෝචනය අවසන් කර ශ්‍රී ලංකාවට, තුන්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබා දීමට ජාත්‍යන්තර අරමුදල විසින් මේ වන විට අනුමැතිය ලබා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය රමුදල විසින් ජුනි 12 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙන අතර සමාජ සුභසාධන වියදම් හැර අනෙක් සියළු ප්‍රමාණාත්මක ඉලක්ක ශ්‍රී ලංකාව විසින් 2023 දෙසැම්බර් වන විට සපුරා ඇතැයි එහි දැක් වේ.

ආර්ථිකය තවමත් ආදානම් තත්වයක

ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහෙත් ධනාත්මක වර්ධනයන් නොතකා, ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතින අතර ණය තිරසාරත්වයේ මාවත තවමත් අවදානම් තත්ත්වයක ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායිතාව පවත්වා ගැනීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම ඇතුළු ආර්ථික වර්ධනයට අදාල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් මෙවර වැඩි අවධානයක් යොමුව තිබේ.

දළ දේශීය නිෂ්පාදිතය 2023 දෙවන භාගයේදී 3%කින් ප්‍රසාරණය වී ඇති අතර, 2024 මැයි උද්ධමනය 0.9%ක් වූ බවත්, 2024 අප්‍රේල් අවසන් වන විට දළ ජාත්‍යන්තර සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් ය.

cvtsew44ආර්ථිකය තවමත් ආදානම් තත්වයක පවතින නමුත් ආර්ථිකය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්යය සාධනය ශක්තිමත් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි


අක්‍රීය ණය වර්ධනය බැංකු පද්ධතිය තවදුරටත් අවදානමේ හෙළා ඇති බව නිවේදනයේ දැක්වේ.

තවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මන්දගාමී තත්වයක තවමත් පැවතීම ද මූල්‍ය අර්බුදය තීව්‍ර කිරීමට හේතුවක් විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයින් පෙන්වා දී තිබේ.

එනිසා ණය තිරසාරත්වයේ මාවත තවත් ඇහිරී ඇති බව ද, මූල්‍ය සංංචිත රැස්කරගැනීමට බැංකුවලට ඇති හැකියාව එනිසා අවදානමක පවතින බව ද නිවේදනයේ සඳහන් ය.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් ප්‍රතිසංස්කරණ පිළිබඳ උත්සහ කිරීම, හදිසි සැලසුම් හා මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතයයි.

'අපේ වැඩපිළිවෙළ ගැන විශ්වාසයක් ගොඩනගලා තිබෙනවා'

ජුනි 12වන දින කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සෙමසිංහ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනාගැනීමට හැකිව ඇති බවයි.

"ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධනය පිළිබඳ වැඩසටහනේ පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමක් මෙම තුන්වන වාරිකය අනුමත වුණාට පසු සිදුවේවි කියලා බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව කඩාවැටීමේ සිට නැවත ප්‍රශස්ත මට්ටමක් ඇති කරගැනීම දක්වා අපේ මිත්‍ර සහ හවුල්කාර රටවලුත් සංවිධානත් අපට සහය දැක්වුවා. ඒ සහය දිගටම ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා."

mznbmcw2
කාර්යය සාධනය අතින් ශ්‍රී ලංකාව ශක්තිමත් බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළද, ස්වාධීන පර්යේෂණ ආයතන පසුගිය සතිය තුළ අනාවරණය කර තිබුණේ, ශ්‍රී ලංකාව තවමත් IMF වෙත පොරොන්දු වූ කැපවීම් ඉටුකර නොමැති බවය.

වැටී සිටින ආර්ථික බංකොලොත්භාවයෙන් මිදී නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ශ්‍රී ලංකාව ජාත්‍යතර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹෙන්නේ පසුගිය වසරේ දීයි.

විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉටු කර පෙන්විය යුතු කොන්දේසි හා කැපවීම් වලින් බහුතරයක් තවමත් ඉටු වී නොමැති බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණි.

BBC සිංහල සේවය



සබැඳි පුවත් :
IMF වැඩසටහන: ශ්‍රී ලංකාව ඉටු කර නැත්තේ මොනවාද?
'අයි.එම්.එෆ් පොරොන්දු සියයට 25ක් ඉටු කර නෑ'

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්