දුර්ලභ ලෝහයක් වන කොබෝල්ට් වලින් පොහොසත් 'Afanasy Nikitin Seamount' නම් ශ්‍රී ලංකාවට අයත් මුහුද පත්ලේ පිහිටි කන්දෙහි

ගවේෂණ අයිතිය ඉන්දියාවට සහ තායිවානයට පැවරීම සඳහා ශ්‍රී ලංකා රජය නවදිල්ලිය සමඟ රහස් ගිවිසුමකට එකඟ වී ඇති බව 'ලංකා ඊ නිව්ස්' වාර්තා කරයි. 

'Afanasy Nikitin Seamount' හි ඩොලර් බිලියන ගණනක් වටිනා කොබෝල්ට් සංචිත සූරාකෑම සඳහා ඉන්දියාවේ අදානි සමූහය සහ තායිවාන සමාගමක් වන Umicore Taiwan නමැති සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් පිහිටුවන බව හෙළිදරව් වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

'ලංකා ඊ නිව්ස්' පුවත් වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

 

මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට අයත් මෙම මුහුදු පත්ල කලාපයට චීන මැදිහත්වීම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව සහ තායිවානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වයේ කොටසක් ලෙස සැලකේ. මාලදිවයිනට නැගෙනහිරින් සහ ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 1,350 ක් පමණ දුරින් පිහිටි 'Afanasy Nikitin Seamount' නම් දිය යට කන්ද කොබෝල්ට් වලින් පොහොසත් වන අතර එය විවිධ වාණිජ, කාර්මික සහ මිලිටරි යෙදැවුම්, විශේෂයෙන් නැවත ආරෝපණය කළ හැකි බැටරි ඉලෙක්ට්‍රෝඩ සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ ලෝහයකි.

 

ජනවාරි මාසයේදී, ඉන්දියාව, Afanasy Nikitin Seamount ගවේෂණය කිරීම සඳහා අනුමැතිය සඳහා ජැමෙයිකාව පදනම් කරගත් 'ජාත්‍යන්තර මුහුදු පතුලේ අධිකාරිය' International Seabed Authority (ISA) වෙත යොමු විය. 

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය යටතේ පිහිටුවන ලද ISA, මුහුදු පත්ලේ ආර්ථික කටයුතු නියාමනය කරයි. 

වර්ග කිලෝමීටර් 3,000ක් පුරා විහිදුණු, කුට්ටි 150 ක්, පුරා වසර 15 ක කාලයකට, පුළුල් භූ භෞතික, භූ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක, සාගර විද්‍යාත්මක සහ පාරිසරික අධ්‍යයනයන් සඳහා සැලසුම් විස්තර කරමින්, ඉන්දියාව ISA වෙත සිය අයදුම්පත සලකා බැලීම සඳහා ඩොලර් 500,000 ක ගාස්තුවක් ද ගෙවා ඇත.

භෞමික ආරවුල


කෙසේ වෙතත්, ISA විසින් සොයා ගන්නා ලද්දේ ඉහත කී 'මුහුදු කන්ද' සම්පූර්ණයෙන්ම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාව සිය මහාද්වීපික තටාකයේ කොටසක් ලෙස හිමිකම් කියන ප්‍රදේශය තුළ බවයි. 

මුහුදු පත්ල අධිකාරිය ඉන්දියාවෙන් ප්‍රතිචාරයක් ඉල්ලා සිටි නමුත්, මාර්තු 12 වන දින, ISA හි නීති හා තාක්ෂණික කොමිසමේ 29 වැනි සැසිවාරය සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්විය නොහැකි බව ඉන්දියාව දැන්වීය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළේ ශ්‍රී ලංකා මහාද්වීපික තටාකයේ පිහිටා ඇති එම මුහුදු තීරය ඉන්දියාවට ලබාදීමට ජනාධිපති රනිල් එකඟ වී ඇති බවයි. ඒ අනුව මේ ව්‍යාපෘතිය සඳහා Adani Group සහ Umicore Taiwan අතර හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. 

(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්