රට තුළ අනීතිකව සිදුකෙරෙන ලෝහ, යකඩ, ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට කටයුතු යොදන බවත්,

ඉදිරියේ දී සියලු ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදුකළ යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් බවත් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

තඹ, පිත්තල, ඇලුමිනියම්, චීනච්චට්ටි, සුදු යකඩ, හයිකාබන් වැනි සියලුම ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලි ද්‍රව්‍ය අනීතික ලෙස අපනයනය කිරීම හේතුවෙන් රටට අහිමිවන විනිමය සම්බන්ධයෙන් අවධානය යොමු කර එම උපකරණ අනීතිකව අපනයනය තහනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවක දී මේ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති මෙම හමුව සඳහා ලෝහ කර්මාන්තකරුවන්ට අමතරව කර්මාන්ත අමාත්‍යාංශ, රේගුව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

 ලෝහ ආශ්‍රිත අපනයන මොනවාද? යන්න සොයා බලා අපනයනයට සුදුසු තත්වයේ භාණ්ඩ හදුනාගැනීමට අදාළ ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අදාළ කටයුතු සූදානම්ක කරන බව ඇමැතිවරයා පැවසීය.

 අනීතික අයුරින් සිදුකෙරෙන සියලු ප්‍රතිඅපනයන වළක්වන බවත්, ලෝහ හා යකඩ ආශ්‍රිත උපකරණ සහ අබලි ද්‍රව්‍ය ප්‍රතිඅපනයනයේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ යටතේ පමණක් ඒ සඳහා අවසර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.

(ජේ. මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්