2021 වසරේදී ප්‍රථම වතාවට තරග බිමට පිවිසීමෙන් පසුව එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 20කට ක්‍රීඩා කළ

ඔලී රොබින්සන් (Ollie Robinson) ඕවරයකට ලකුණු 43ක් ලබා දෙමින් පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනියට වැඩිම ලකුණු ලබා දුන් ඕවරය සටහන් කර තිබෙනවා.

dwt345

ඔහු මේ ලකුණු ප්‍රමාණය ලබා දී තිබෙන්නේ ඕවරය සම්පූර්ණ කිරීම පිණිස පන්දු නවයක් යවන අතරතුර.

එංගලන්ත වේග පන්දු යවන්නා පළමු පෙල ක්‍රිකට් ඉතිහාසයේ ඔහුට අවශ්‍ය නැති මේ වාර්තාව තබා තිබෙන්නේ එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ශූරතා තරගයකදී.

තිස් හැවිරිදි රොබින්සන් සසෙක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියේ ලෙස්ටෂ පිලට එරෙහිව දෙවැනි කොටසේ තරගයක.

ඕවරයේ තෙවතාවක්ම නීතිවිරෝධී (no-ball) පන්දු යැවූ ඔහුට හයේ පහර 2ක්, හතරේ පහර 6ක් සහ තනි ලකුණකින් සංග්‍රහ කර තිබෙන්නේ ලෙස්ටෂ කණ්ඩායමේ ලුවී කිම්බ (Louis Kimber).

ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේදී නීතිවිරෝධී පන්දුවකට ලකුණු 2ක දඩයක් නියම වනවා.

Ollie Robinson
රොබින්සන් මේ වාර්තාගත ඕවරය යැවීමට එන විට කිම්බ පන්දු 56කින් ලකුණු 72ක් රැස්කර ගෙන සිටියා. රොබින්සන් ඔහුගේ ඕවරය අවසන් කරන විට කිම්බ පන්දු 65කින් නොදැවී ලකුණු 109ක් ලබා ගැනීමට සමත්ව සිටියා.

‌මේ වාර්තාගත පන්දු යැවීමත් සමග රොබින්සන් වැඩිම ලකුණු ලබා දුන් එංගලන්ත පන්දු යවන්නාගේ වාර්තාව අලුත් කර තිබෙන්නේ හිටපු ටෙස්ට් වේග පන්දු යවන්නෙකු වූ ඇලෙක්ස් ටියුඩ (Alex Tudor)ගේ ලකුණු 38ක ඕවරය අභිබවා යමින්. මේ ලකුණු ප්‍රමාණයෙන් 34ක් ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් විසින් ලබා ගනු ලැබුවේ 1998 වසරේ පැවති සරේ හා ලැංකෂ අතර තරගයේ.

කිම්බ ඔහුගේ පිතිහරඹ සංහාරය අවසන් කළේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ද්විත්ව ශතකයේ වාර්තාව හා එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ ප්‍රාන්ත ඉනිමක වැඩිම හයේ පහර (18) වාර්තාව මකා දමමින්.

dgfswe4t34
පන්දු 127කින් ලකුණු 243ක කිම්බගේ සුවිශේෂී ඉනිමට හතරේ පහර 20ක් සහ හයේ පහර 21ක් ඇතුළත්ව තිබුනා.

පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩා (First-Class Cricket) ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා දුන් ඕවරය ලෙස වා‌ර්තා වී තිබෙන්නේ හිටපු නවසිලන්ත පිට-දඟපන්දු යවන ක්‍රීඩක බර්ට් වෑන්ස් (Bert Vance)ගෙන්. වෙලිංටන් හා කැන්ටබරි කණ්ඩායම් අතර 1989-1990දී පැවති ෂෙල් කුසලාන (Shell Trophy) තරගයකදී වෑන්ස්ගේ එක් ඕවරයකින් ලකුණු 77ක් උදුරා ගැනුනා.

එම ඕවරයේදී නීතිවිරෝධී පන්දු 17ක් යැවූ බර්ට් වෑන්ස් 1988-89 අතර කාලය තුළ නවසිලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග හතරකට හා ජාත්‍යන්තර එක්දින තරග අටකට ක්‍රීඩා කළා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්