දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත්

ආසාදිතයින් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහෙයින් මෙම ව්‍යසනයෙන් ගැලවීම සඳහා ජනතාවට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ද රජයට ජනතාවගේ අවශ්‍යතා ලබා දෙන අතර හැකි තරම් ජනතාව සංසරණය වීම වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියි.


ඉදිරියේදී කොරෝනා උවදුර අවසන් !- විමල්ගෙන් සහතිකයක්

කෙසේවුවද 'ලංකා සී නිව්ස්' වාර්තා කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ හරහා සාර්ථකව ඉදිරි සති කිහිපයේදී එය සම්පූර්ණයෙන්ම මැඩපවත්විය හැකි බව ඇමති විමල් වීරවංශ පැවසු බවයි.

ඒ සඳහා ජනතාව තම තමන්ට පැවරී ඇති සටන් නිසි ලෙස ඉටු කළ යුතු බවද ඇමතිවරයා සඳහන් කර තිබේ.

ලොව පුරා රටවල් ගණනාවක කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදී ඊට ආණ්ඩුව මුල සිටම සැලසුම් සහගතව කටයුතු කල බවද ඇමතිවරයා කියා සිටියි.

නමුත් විදේශයන්හි සිටි පැමිණි ඇතැම් පිරිස් වගකීම් රහිතව කටයුතු නොකලානම් කොරෝනා තත්ත්වය මේ තරම් හෝ රටට බල නොපාන බවත් ඇමතිවරයා පැවසුවේ යයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

GMO latter 2020.03.25

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්