කොරෝනා පාලනය කරනවා වගේම අපේ රටේ එදිනෙදා වේල හම්බකරන් කන ජනතාව බය ගින්නේ සහ හාමතේ මියයන්න ඉඩ දිය නොහැකි යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

''ඔය කාටත් ගෙදර ගාවට සහන මිලට බඩු ආවා කියලා මිලදී ගන්න සල්ලි නැත්නම් මොකක්ද මේ කරන වැඩේ තේරුම. ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවීමෙන් බිලියන 570 විතර ඉතුරුවක් ආණ්ඩුවට තියෙනවා. එනිසා රජයට සංවිධානාත්මකව මෙවැනි සහන මල්ලක් ලබා දෙන්න හැකියාව තියෙනවා..'' යයි ද ඔහු කියා සිටියි.

ඔහු වැඩි දුරටත් මෙසේද පැවසිය.

 

සෞඛ්‍ය බලධාරීන්ට, හමුදාවට හා පොලිසියට මල් මිටක් !

''ප්‍රථමයෙන්ම කොරෝනා ව්‍ය්ප්තිය පාලනය කරන්න අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සියලු නිලධාරීන්ට අපේ ස්තූතිය සහ ගෞරවය පුදකරන්න කැමතියි, නැවත නැවතත්.

ඒ එක්කම අපි  කියන්නට ඔනේ මේ කොරෝනා පාලනය කරනවා වගේම අපේ රටේ එදිනෙදා වේල හම්බකරන් කන ජනතාව බය ගින්නේ සහ හාමතේ මියයන්න ඉඩ දෙන්න අපිට බැහැ.

ඒ නිසා කලින් අවස්ථා ගණනාවකදී අපි රජයට ඉතා පැහැදිලිව කිව්වා මේ රටේ ස්වයං රැකියා කරන අය ඉන්නවා සාමාන්‍යයෙන් ලක්ෂ විසිපහක්. ඒ වගේම එදිනෙදා ආදායම ලබන ජනතාව ඉන්නවා ලක්ෂ දාහතක් එ කියන්නේ ඔක්කොම ලක්ෂ 42 ක්.

 

 ''රුපියල් 5000 ක බඩු මල්ලක් නොමිලේ දෙන්න''

අපි මේ අයට සතියට රුපියල් 5000 ක බඩු මල්ලක් නොමිලේ ලබා දෙන්න කියලා රජයට කිව්වා. මොකද හේතුව මේ අයට ආදායම් මාර්ග  නැහැ. ත්‍රිවිල් එලවන කට්ටියට ත්‍රීවිල් එලවන්න බැහැ. පේමන්ට් බිස්නස් කරන අයට ඒක කරන්න බැහැ. කඩයප්පන් විකුණන අයට ඒක කරන්න බැහැ. ගරාජ් එකේ බිස්නස් කරන අයට ඒක කරන්න විදිහක් නැහැ.

 ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් තම තමන්ගේ ශ්‍රමයෙන් කීයක් හරි හොයාගන්න අයට ආදායම් නැතිවෙලා තියෙනවා. ඒ නිසා රජය මේ අයව බඩගින්නේ තියන්නේ නැතුව කන්න දීම රජයේ වගකීමක්.

අන්න ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඔනේ අනික් පැත්තෙන් අද මාසිකව පඩි ලබන ජනතාවට වුනත් වැඩට යන්න නැහැ. ඒටීඑම් කාඩ් අරන් ගිහින් සල්ලි ගන්න බැහැ.

ඒ නිසා ඔය කාටත් ගෙදර ගාවට සහන මිලට බඩු ආවා කියලා මිලදී ගන්න සල්ලි නැත්නම් මොකක්ද මේ කරන වැඩේ තේරුම. රජයට සංවිධානාත්මකව මෙවැනි සහන මල්ලක්ලබා දෙන්න හැකියාව තියෙනවා..''

''ඔය කාටත් ගෙදර ගාවට සහන මිලට බඩු ආවා කියලා මිලදී ගන්න සල්ලි නැත්නම් මොකක්ද මේ කරන වැඩේ තේරුම. ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවීමෙන් බිලියන 570 විතර ඉතුරුවක් ආණ්ඩුවට තියෙනවා. එනිසා රජයට සංවිධානාත්මකව මෙවැනි සහන මල්ලක් ලබා දෙන්න හැකියාව තියෙනවා..''

මොකද අපි ඒක කියන ප්‍රධාන හේතුව අපි දන්නවා අද වෙනකොට ලෝක බොරතෙල් බැරලයක මිල සියයට හැත්තෑවකින් විතර අඩු වෙලා තියෙනවා. දළ වශයෙන් ආණ්ඩුව වසරකට ආනයනය කරන බොරතෙල් වලින් රුපියල් බිලියන 570 විතර ඉතුරුවක් ආණ්ඩුවට තියෙනවා.

 

ආණ්ඩුවට මිලියන පන්ලක්ෂ හැත්තෑ දාහක ඉතිරියක් !

ඒ කියන්නනේ රුපියල් මිලියන පන්ලක්ෂ හැත්තෑ දාහක විතර ඉතිරියක් තියෙනවා. ඉතින් මේකෙන් ඒකෙන් ජනතාවට සහන ලබා දෙන්න.

දරුවෝ අඩනවා බඩගින්නේ ඉන්නේ  කිරි පිටි ටික නැහැ තේ ටිකක් බොන්න විදිහක් නැහැ. හාමතේ ඉන්න ජනතාවගේ මානසික මට්ටම රජය කරුණාකරලා තේරුම් ගන්න. මේ  අයට සහන මල්ලක් නොමිලේ ලබා දෙන්න. අවුරුද්ද කිට්ටු වෙලා රුපියල් පන්දාහක් දීලා වැඩක් නැහැ.

අනික් එක සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000 ක් ලබා දෙනකොට පරන සමෘද්ධි ලාභීන්ට එක ගානකුයි අලුත් සමෘද්ධි ලාභීන්ට තව ගානකුයි නිසා ඒ දෙන 5000 දාහෙනුත් අර දෙන්න තියෙන නය කපා ගත්තහම මොනවද ඉතුරු වෙන්නේ එතකොට මේ මිනිස්සු මොනවද කන්නේ මේ මිනිස්සු මොනවද ගන්නේ.

''දරු පැටවු ටික බඩගින්නේ මැරෙන්න ඉඩ දෙන්න එපා''

ඒ නිසා අපි ඉතාම පැහැදිළිව රජයේන් ඉල්ලා හිටිනවා කොරෝනා ව්‍යාප්තිය ව්‍යාප්තිය මර්ධනය  කිරීමට උත්සාහ ගන්නවා වගේම අපේ රටේ එදිනෙදා වේල හම්බකරන් කන ජනතාව සහ ඔවුන්ගේ දරු පැටවු ටික බඩගින්නේ මැරෙන්න ඉඩ දෙන්න එපා.

ඔවුන්ගේ මානසික මට්ටම වැටෙන්න දෙන්න එපා. ඔවුන්ගේ මානසික මට්ටම හරහා ඔවුන්ට ප්‍රතික්‍රියා කරන තත්වයට ඔවුන්ව පත් කරන්න එපා.

ඒ අයට අවශ්‍ය බඩු මල්ල නොමිලේ ලබා දෙන්න කයිවාරු ගගහ මැතිවරණය ගැන කල්පනා කර කර ඉනනේ නැතුව මැතිවරණය කල් දාන්න කල් දාලා මේ ජනතාවගේ ජීවිත බේරා ගන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්