කොරෝනා වෛරසය අසාදිතයින්ගේ සංඛ්‍යාව සිග්‍රයෙන් ඉහළ යනවා. නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් තිදෙනෙක් අද (04) වාර්තා වී ඇති බවත් මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 162ක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අතර ඉදිරි සති දෙකක කාලය වඩාත් තීරණාත්මක බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවනවා.

 කෙසේ නමුත්, සෞඛ්‍ය අංශ උපදෙස් වලට අනුව “ගෙදරටම වෙලා ඉඳීම” තමයි මේ මොහොතේ අප කළ යුතු අතිශය වැදගත් ක්‍රියාව. ගෙදරට වෙලා සති ගණන් ඉන්න එකත් ඒ තරම්ම ලෙහෙසි නැහැ තමයි. 

ඔබ සිනමා රසිකයෙක් නම්, ඔබට තියෙන හොඳම විසඳුම තමයි සිනමාව. ඔබ කැමතිම ශානරයක චිත්‍රපට ටිකක් බලන්න. දවස නොදැනීම ගතවෙයි. 

අපි අද ඔබට කියන්න යන්නේ විශේෂ චිත්‍රපට කිහිපයක් ගැන. මේ චිත්‍රපට ඔබ මීට කලින් නරඹා තිබේදැයි බලන්න. එහෙම නැතිනම් අනිවාර්යෙන්ම නරඹන්න. මේ චිත්‍රපට බලන ඔබ, ගෙදරින් පිටතට යන්න හිතන එක පවා නවත්වයි.

ලෝක සිනමාවේ අපට හමුවෙන චිත්‍රපට අතර, විද්‍යා ප්‍රබන්ධ (si-fi), Horror, Zombi, වගේ ශානර වල චිත්‍රපට බොහොමයක් තිබෙනවා. මේ චිත්‍රපට අතර විවිධ වෛරස සහ වසංගත තත්වයන් පැතිරයාම හේතුවෙන් ලෝක ප්‍රජාවට සිදුවුණු බලපෑම් ගැන චිත්‍රපට නිර්මාණය වී තිබෙනවා. ඒ වර්ගයේ චිත්‍රපට කිහිපයක තොරතුරු මේ.


01. Outbreak (film) 

outbreak netflix content 2020
1967 වසරේ කිසංගානි කැරැල්ලේදී මාරාන්තික උන ඇතිකරන “මොටාබා” නම් වෛරසයක් අප්‍රිකානු වනාන්තරයෙන් සොයා ගැනෙනවා. මේ වෛරසය ආසාදනය වූ සොල්දාදුවන් සමගම අදාළ කඳවුර විනාශ කිරීමට උසස් නිලධාරීන් කටයුතු කරනවා. 

නමුත් අවුරුදු 28කට පසුව නැවත මෙම වෛරසය වාහකයෙක් හරහා ඇමරිකාව ආක්‍රමණය කරනවා. සුදු හිස සහිත කැපුචින් වඳුරකු වන බෙට්සි රට තුළට ගෙන එන්නේ සත්ව පරීක්ෂණ ආයතනය සේවකයකු විසින්. මුලින්ම ඔහුටත් ඔහු ගණුදෙනු කළ විවිධ පුද්ගලයින්ටත්, ඔහුගේ පෙම්වතියටත් වැළඳෙන වෛරසය රට පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වනවා. 

වෛරස ව්‍යාප්තිය හමුවේ ඔවුන් කුමක් කරන්නට ඇතිද..? ඔබ මේ චිත්‍රපටය නරඹා නැතිනම් අනිවාර්යෙන්ම නරඹන්න. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් පිඩා විඳිමින් සිටින මොහොතක ඔබට තවත් අලුත් තොරතුරුත් හමුවනු ඇති. ඔබ netflix භාවිතා කරන්නේ නම් චිත්‍රපටය ඉතා පහසුවෙන් නැරඹීමට හැකියාව තිබෙනවා.



02. Contagion (2011 film) 

Coronavirus since the beginning of the epidemic the film Contagion2011 වසරේ නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය මේ වනවිට ලෝකය පුරා වැඩිපුරම පිරිසක් සොයමින් සිටින චිත්‍රපටය ලෙස අන්තර්ජාල තොරතුරු වාර්තා කරනවා. ඊට හේතුව කොරෝනා වෛරස වසංගතය ආරම්භය සහ ව්‍යාප්තිය සිදුවූ ආකාරයට මෙහි ඇති සමානකම නිසයි. 

හොංකොන් නගරයේ ව්‍යාපාරික චාරිකාවකින් පසු චිකාගෝ වෙත පැමිණෙන බෙත් එම්හොෆ් හදිසියේ අසනීප වීමෙන් රෝහල්ගත කළ නමුත් හඳුනා නොගත් හේතුවකින් මියයයි. ආපසු නිවසට පැමිණෙන ඇගේ සැමියා දකින්නේ ඔවුන්ගේ පුතාද මියගොස් ඇති අයුරුයි. මේ සිදුවීමෙන් මෙය කිසියම් ආසාදන තත්වයක් බවට සොයා ගැනෙනවා. මෙය රටට පහරදීමට නිර්මාණය කළ ජෛවීය අවියක් බවට පාලකයින් සැක පලකරනවා. 

නමුත් මෙය ඌරන් සහ වවුලන් මගින් බෝවන MEV-1 නමැති නව වෛරසය බව පසුව සොයා ගැනෙනවා. ඔබ මෙතෙක් මේ චිත්‍රපටය නැරඹුවේ නැතිනම් මේ අනිවාර්යෙන්ම නැරඹිය යුතු කාලයක්. විශේෂයෙන්ම ලෝකය පුරා ව්‍යාප්ත වන විවිධ මිත්‍යා මත රැසක් මේ චිත්‍රපටයේද පෙන්වීම නිසා ඒ මිත්‍යා අදහස් චිත්‍රපටය ඇසුරින් කොරෝනා වෛරසය සමග සම්බන්ධ කෙරුනාදැයි සැක මතුවනවා.



03. The Flu (Korean Movie) 

58581902 673121709794340 9033062465465745408 o2013 වසරේ නිර්මාණය වුනු දකුණු කොරියානු චිත්‍රපටයක් වන මෙය පදනම් වන්නේද ශ්වසන පද්ධතිය ආසාදනය කරන වෛරසයක් පැතිරයාමේ පුවතක් වටායි. නීති විරෝධිව භාණ්ඩ/මිනිසුන් ගෙන්වන සහෝදරයන් දෙදෙනෙකුට හමුවන කන්ටේනර් පෙට්ටියක් තුළ සිටි නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් එය තුළම මියගොස් තිබෙනවා.

 ඉන් එක් ළමයකු පමණක් ජීවිතය බේරාගෙන සිටි අතර ඔහු අතරමගදී පැන යනවා. සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකු වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කොට ඉන්පසු මිය යනවා. නමුත් ඒ වනවිට වෛරසය බොහෝ පිරිසකට ආසාදනය අවසන්. කොරෝනා වෛරසය මෙන්ම මෙයත් කැස්ස සහ කිවිසුම් මගින් බෝවන්නක් බව චිත්‍රපටයේ දැක්වෙනවා. 

වෛරසය මැඩපැවැත්වීමට දරන උත්සාහය මෙන්ම පාලක පක්ෂයේ දුර්වලතා හේතුවෙන්, විශේෂයෙන් නිසි තීන්දු නිසි වෙලාවේදී නොගැනීම හේතුවෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් අනතුරේ වැටෙන අයුරුත් චිත්‍රපටයේ පෙන්වනවා. නමුත් චිත්‍රපටය තුළ යම් අභව්‍ය නාට්‍යමය සිදුවීම්ද ඇතුළත්. කෙසේ නමුත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් ඇතිවූ වසංගත තත්වයට සමාන සිදුවීමක් ගැන මේ චිත්‍රපටයෙනුත් කතා කෙරෙනවා.

ඔබ තවම මේ චිත්‍රපට නරඹා නැතිනම්, අනිවාර්යෙන්ම නරඹන්න. අපි මුලින්ම කිවුව වගේ ඔබ “එලියට බහින එක මොන තරම් අවදානම් ක්‍රියාවක්දැයි” වටහා ගනීවි. මේ වසංගත තත්වයෙන් රට මුදවා ගැනීමට පුරවැසියකු ලෙස රජයට සහය වීමට වගබලා ගන්න.

(cinema.lk)

 

Covid add 1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්