leader s

මහ මැතිවරණයට අදාල ඡන්ද විමසීම සිදු කෙරෙන දිනය සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවිය හැකි චෝදනා දෙකක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවදානයක් යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ජුනි 02 ට පෙර ඡන්ද විමසීමට කටයුතු කළහොත් කොරෝනා අස්සේ මලකඳන් මතින් බලය බලාගැනීමට තමා කටයුතු කරන බවට විපක්ෂ කණඩායම් වලින් එල්ල විය හැකි චෝදනා සම්බන්ධයෙන් මෙන්ම, ඡන්ද විමසීම මාස ගණනකට පමා කළහොත් තමා මැතිවරණ නොපවත්වා ඒකාධිපතියකු ලෙස කටයුතු කරන බවට එම විපක්ෂය ම එල්ලවිය හැකි චෝදනා සම්බන්ධයෙන් එසේ අවදානය යොමුව ඇතැයි පැවසේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා ඔහුගේ උපදේශකයින් කිහිප දෙනෙකු සමග පසුගිය දා දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර, ඡන්ද විමසීමේ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මැතිවරණය කොමිසමට පවරා, ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පසුගියදා ලිපියක් යොමු කරනු ලැබුවේ ඒ අනුව බව ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.

ඉදිරියේදී ආණ්ඩුවට එරෙහි ව දැඩි විරෝධයක් මතුවීමේ අවධානම ! 

මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම නොපමාව සිදුකරන ලෙස ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ ආර්ථික උපදේශකයින් විසිනි.

කොරෝනා වසංගතය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ දී රටේ ආර්ථික අර්බුදය උත්සන්න වී පවතින ආණ්ඩුව මහජන විරෝධයට ලක්වීමේ අවධානම සලකා මේ මොහොතේ වහාම මැතිවරණයකට ගොස් ආණ්ඩු බලය ලබා ගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඡන්ද විමසීම සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවදානම ද රාජපක්ෂ පවුලේ අවධානයට ලක්ව ඇත.

මැකෝ ගෙන් කොන්දේසි දෙකක් !

මේ අතර theleader.lk වෙත නොනිල ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ, මැතිවරණ ඡන්ද විමසීම සඳහා මෑත දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි ආණ්ඩුවේ බලධාරීන් ගෙන් එල්ලවන බලපෑම් හමුවේ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගත තත්වය මුළුමනින්ම නිමාවී ඇතිබවටත්, මින් ඉදිරියට කොරෝනා වෛරසයෙන් කිසිඳු පුද්ගලයකුට ජිවිත අවදානමක් නොමැති බවටත් සෞඛ්‍ය බලධාරීන් ගෙන් පැහැදිලි සහතිකයක් ලබාදිය යුතු බව එහි පළමු කොන්දේසිය වේ.

දෙවන කොන්දේසිය වන්නේ, ඡන්ද විමසීමකට අවශ්‍ය රජයේ පරිපාලන නිලධාරීන්ගේ පුර්ණ දායකත්වය හිමිවන බවට සහතිකයක් තිබී යුතු බවයි. (ජිවිත අවධානම ගැන )

හමුදා නිලධාරීන් යොදවා ගනිමින් මැතිවරණ පැවැත්විය නොහැකි බව මැතිවණය කොමිසමේ සාමාජිකයින්ගේ අදහස වී ඇතැයි ද පැවසේ.


සබැඳි පුවත් :
මැතිවරණයට දින නියම කරන්නැයි මැකෝට බලපෑම් !

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්